70 වැනි චීන ජාතික දින ප්‍රසංගය විවිධ පාර්ශ්වයන්ගේ ඇගයීමට

2019-10-02 14:14:01
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70 වන සංවත්සරය සැමරීම සඳහා ඊයේ (1) රාත්‍රියේ බෙයිජිං නගරයේ ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී දැවැන්ත ප්‍රසංගයක් වර්ණවත් ලෙස පැවැත්විණ.

"මම චීනයට ආදරෙයි" යන තේමාව කර ගත් එම ප්‍රසංගය " නව යුගය අගය කරමින්, චීන සිහින පොදුවේ සාක්ෂාත් කිරීම" පිළිබඳව ඉදිරිපත් කෙරිණ. විනාඩි 90 ක් පැවති එම ප්‍රසංගය නවීන විද්‍යා තාක්‍ෂණික ජයග්‍රහණ ගණනාවක් භාවිත කරමින් බොහෝ දෙනා හා ආලෝක එකට එකතු වීමේ චිත්‍රයක් නිර්මාණය කර තිබේ. චීන ජාතිකයින් වන තමන් ඉතා ආඩම්බර වන බවත් මව්රටට වඩා හොඳ හෙට දවසක් ප්‍රාර්ථනා කරන බවත් ඊට සහභාගීවූවෝ කියා සිටියහ.

මෙවර ප්‍රසංගයෙන් ජනතා සහභාගීත්වය උපරීම අන්දමට පිළිබිඹු කර තිබේ. ඊට එක් වූ වෘත්තීය සංගීතඥයන්ගේ වාදනයට අමතරව, සියළු ගායනා හා නර්තන සංදර්ශන ඉදිරිපත් කෙරුණේ මහ ජනතාව විසිනි.

එමෙන් ම චීනයේ ඒ ඒ කලාපවල පුද්ගලයන් 3,650 දෙනෙකුගෙන් සමන්විත අද්විතීය මහජන කලා කණ්ඩායමක් ද ඊට සහභාගි විය.

රාත්‍රී අහසේ "දිගු කලක් ජීවත් වන්න" සහ "දිගු කලක් මාතෘ භූමිය" වැනි විශේෂ ප්‍රයෝග ගිනිකෙළි සංදර්ශනය එම ප්‍රසංගය උච්චතම අවස්ථාවට පත් කෙරිණ.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති