චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සර සැමරුම් භෝජන සංග්‍රහය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

2019-09-30 19:54:24
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සර සැමරුම් භෝජන සංග්‍රහය පැවැත්වෙයි.

දෙස් විදෙස් ගෞරවනීය අමුත්තන් 4000ක් පමණ 30 වැනිදා පස්වරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේ පැවැත්වූ එම භෝජන සංග්‍රහයට එක් ව සිටියහ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම භෝජන සංග්‍රහයට එක් වෙමින් වැදගත් දේශනයක් කළේය. සමගියේ ධජය ඔසවමින් නව යුගයේ නව ගමන ආරම්භ කළ යුතු බව හෙතෙම එහිදී සඳහන් කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමග සමීපව සමගි වෙමින් විවිධ ජන වාර්ගිකයන්ගේ සමස්ත සමගිය තහවුරු කිරීමට තැත් කළ යුතුය. දෙස් හෝ විදෙස්ගත චීන ජාතිකයන්ගේ සමගිය ශක්තිමත් කරමින් විවිධ ක්ෂේත්‍ර, විවිධ පක්ෂ, විවිධ කණ්ඩායම්, විවිධ ජන වාර්ගිකයන් අතර දැවැන්ත සමගියට බල කළ යුතුය. කොමියුනිස්ට් පක්ෂය හා ජනතාව අතර ලේනෑකම පවත්වා ගෙන යමින් දේශප්‍රේමයෙන් පසුපස නොවන ශක්තිය පෝෂණය කරලීමෙහි නිරත විය යුතුය. චීනයේ පුනර්ජීවනය කරා ගමන් කරන නෞකාව දුෂ්කරතා මග හැර ස්ථිර ලෙස ඉදිරියට ගමන් කිරීම පෙළඹවිය යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති