චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70 වැනි සංවත්සරය සඳහා වන සැමරුම් උත්සවය හෙට

2019-09-30 16:11:24
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70වැනි සංවත්සරය සඳහා වන සැමරුම් උත්සවය වෙනුවෙන් සියලු කටයුතු සූ‍දානම් කෙරේ.

හෙට(01) පෙරවරුවේ චීනයේ බෙයිජිං නගරයේ පිහිටි ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී එම උත්සවය අතිඋත්කර්ෂවත් ව පැවැත්වීමට නියමිත ය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, චීන ජනාධිපති, මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා එම උත්සවයට එක් වෙමින් වැදගත් දේශනයක් පැවැත්වීමට නියමිත ව තිබේ. ඉන් පසු, හමුදා උත්තාමාචාරය හා ජන පෙළපාලිය පැවැත්වෙයි.

චීන මාධ්‍ය සමූහයට අනුබද්ධ විවිධ රූපවාහිනි නාලිකා, ගුවන් විදුලි නාලිකා, හා xinhuanet වෙබ් අඩවිය එම සැමරුම් උත්සවය සජීවී ලෙස විසුරුවා හැරීමට සූදානමින් සිටී. ඒ සමගම චීනය පුරා විවිධ මට්ටම්වල රූපවාහිනි නාලිකා, ගුවන් විදුලි නාලිකා, පුවත් වෙබ් අඩවි හා නව මාධ්‍ය වේදිකා මගින් සමගාමී විකාශයට අවශ්‍ය කටයුතු දැනටමත් සම්පාදනය කර තිබේ. චීනයේ ඇතැම් සිනමා ශාලා 4K අධි පැහැදිලි සන්නිවේදන සංඥා ඔස්සේ සජීවී ලෙස එම උත්සවය විකාශය කරයි.

මේ අතර, හෙට රාත්‍රීයේ ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී පැවැත්වෙන කලා සංදර්ශනය චීනයේ විවිධ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ විකාශය කෙරේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති