චීන ජාතික වීරයින් සැමරේ

2019-09-30 15:37:32
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රජයේ නායකයෝ ජාතික වීරවරයන්ට පුෂ්පෝපහාර පිරිනැමීමේ උත්සවයට එක වෙති.

චීන ජාතික වීරවරයින්ගේ අනුස්මරණ දිනය අදට(30) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් මහජන වීරයන්ට පුෂ්පෝපහාර පිරිනැමීමේ උත්සවය චීනයේ බෙයිජිංහි ටියෙන් අන් මෙන් චතුරශ්‍රයේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීන නායකයෝ හා විවිධ ප්‍රජාවල නියෝජිතයෝ 4000කට වැඩි පිරිසක් ඊට එක් වූහ.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය මේ වසරට යෙදී තිබේ. සංඛ්‍යා ලේඛන අනුව ජාතික නිදහස,ජනතා විමුක්තිය,රටේ සමෘද්ධිය හා ජනතාවගේ යහපත් ජීවිතය සඳහා ජීවිතය කැප කළ ජාතික වීරවරයින් මිලියන 20කට වැඩි වේ.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති