‘පුනරුත්පත්තිය’ වාර්තා චිත්‍රපටය විකාශය කිරීමට සැලසුම්

2019-09-30 15:31:36
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn



‘පුනරුත්පත්තිය’ නම් වාර්තා චිත්‍රපටය විකාශය කිරීමට සැලසුම් කෙරේ.

නව චීනය ස්ථාපිත වීමේ 70 වැනි සංවත්සරය හා චීන-රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහා රුසියානු ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි සේවය හා චීන මාධ්‍ය සමූහය ඒකාබද්ධව ‘පුනරුත්පත්තිය’ නම් වාර්තා චිත්‍රපටය නිර්මාණය කර තිබේ. අද(30) පස්වරු 9ට මෙම වාර්තා චිත්‍රපටය CCTV වාර්තා නාලිකාව ඔස්සේ විකාශය කෙරේ. රුසියා ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි සේවයෙන් ද එම කාල සීමාව තුළම එම වාර්තා චිත්‍රපටය විකාශය කරනු ඇත.

එම චිත්‍රපටය තුළින් බොහෝ වටිනා දර්ශන ප්‍රථම වරට හෙළි කෙරේ. එම වාර්තා චිත්‍රපටය නව චීනය ස්ථාපිත වීමෙන් පසු මුල් කාලයේ සෝවියට් සංගමයේ ඡායාරූප ශිල්පීන් වසර භාගයට වැඩි කාලයකින් රූගත කර ගත් වටිනා වීඩියෝ වලින් සංස්කරණය කර ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති