චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිතවීමේ 70වැනි සංවත්සර සැමරුම් වැඩසටහන් කෙරෙහි මාධ්‍යවේදීන් ගෙන් උණුසුම් අපේක්ෂා

2019-09-29 16:00:30
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිතවීමේ 70වැනි සංවත්සර සැමරුම් වැඩසටහන් පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (28) රාත්‍රි පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණ. දෙස් විදෙස් මාධ්‍යවේදීහු 500 දෙනෙක් පමණ එයට එක් වූහ. ඔවුහු ඔක්තෝබර් පළමු දා පැවැත්වෙන නව චීනය ස්ථාපිතවීමේ 70 වැනි සංවත්සර සැමරුම් වැඩසටහන් කෙරෙහි සිය උණුසුම් අපේක්ෂා පළ කළහ.

ප්‍රථම වරට චීනයට පැමිණ ඇති සර්බියානු වාර්තාකරුවෙකු වන Radomirovic Vladimir මහතා එහිදී පැවසුවේ, චීනයේ සිදුවීම් කෙරෙහි තමන් අඛණ්ඩව අවධානයට යොමු කරන බවයි. චීනය ක්ෂේත්‍ර රැසක ලෝක නායකයා බවට පත්ව ඇති බව හෙතෙම පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය ශක්තිමත් වී ඇති බවට පිළිගත යුතු බව ද ඔහු කියා සිටියේය.

තායිලන්ත පොදු රූපවාහිනී සේවයේ නව මාධ්‍ය වාර්තාකරුවෙකු වන Chuensukjit Kitipat මහතා චීනයේ නාගරික සංවර්ධන වේගය පිළිබඳ සිය ප්‍රශංසාවට ලක් කර තිබේ. ඔහු චීන සංස්කෘතිය කෙරෙහි දැඩි රුචියක් දක්වයි. චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිතවීමේ 70වැනි සංවත්සර සැමරුම් වැඩසටහන් පිළිබඳව ඔහු එහිදී අපේක්ෂා පළ කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති