චීනය රූපවාහිනී හා සිනමා ඉතිහාසයේ පෙර නොවූ විරූ නිර්මාණශීලි ක්‍රියාවකට මුල පුරයි

2019-09-28 16:49:07
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන විවිධ සැමරුම් ක්‍රියාකාරකම් එළඹෙන ඔක්තෝබර් පළමු දා චීනයේ සිනමා ශා‍ලා 70කදී සජීව ලෙස ප්‍රදර්ශනය කෙරේ.

බෙයිජිංහි ෆෙං ටායි දිස්ත්‍රික්කයේ වන් දා සිනමා රඟහලේදී පැවති එම ප්‍රදර්ශනයේ මූලාරම්භක උත්සවය සඳහා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි සියොං මහතා සහ චීන ජාතික සිනමා දෙපාර්තමේන්තුවේ සහ චීනයේ ප්‍රධාන සිනමා ශාලාවල ප්‍රධානීහු එක් වූහ.“ මෙම මොහොතේ - නව චීනයේ 70වැනි ඡන්ම දිනය සමරන්නෙමු ” ලෙසින් එම ක්‍රියාකාරකම ඔක්තෝබර් පළමු දා ප්‍රදර්ශනය කෙරේ. එදින චීන මාධ්‍ය සමූහය චන්ද්‍රිකා සම්ප්‍රේෂණ තාක්ෂණ යොදාගෙන 4K අධි පැහැදිලි සන්නිවේදන සංඥා ඔස්සේ එම විකාශය සිදු කරයි. එය චීනයේ රූපවාහිනී හා සිනමා ඉතිහාසයේ පෙර නොවූ විරූ නිර්මාණශීලි විකාශයක් බව පැවසේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ උපදෙස් අනුව ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් මාධ්‍ය සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා එය නවාකාරයේ පියවරක් බව චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා උත්සවය අමතමින් කියා සිටියේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති