චීන රැකියා නියුක්තිය අඛණ්ඩව ස්ථාවරයි

2019-09-27 10:15:29
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ රැකියා නියුක්තිය දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාවරව පවතින බව චීනයේ මානව සම්පත් හා සමාජාරක්ෂණ අමාත්‍ය චාං ජී නන් මහතා ප්‍රකාශකරයි. ඔහු මේ බව ප්‍රකාශකළේ ඊයේ(26) පැවති චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය සැමරීම සඳහා වූ දෙවන විශේෂ මාධ්‍ය හමුවේදීය.

රැකියා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව 1949 වසරේ මිලියන 180 සිට 2018 වසරේ මිලියන 780 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය 3.3 වර්ධනයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වසරේ චීන රජය "ස්ථාවර රැකියා නියුක්තිය" මුල් තැන තබා ඇති අතර එය සහතික කිරීම සඳහා විවිධ කලාප හා ආයතන ඒකාබද්ධ බලකායක් පිහිටුවා ඇත. ව්‍යවසායන් සහ කම්කරුවන්ගේ ස්වයං රැකියා තත්ත්වය වැඩිදියුණු කිරීමේ සෘජු උත්සාහ යටතේ චීනයේ රැකියා නියුක්ති තත්ත්වය සමස්ත වශයෙන් ස්ථාවරව පවතී.

වර්තමානයේ සහ අනාගතයේ දී නව බලපෑම් නොකඩවාම ඉහළ යමින් පවතින නිසා රැකියා නියුක්තිය ද අභියෝග රැසකට මුහුණ දෙමින් පවතින බව චාං ජී නන් මහතා පැවසීය. එහෙත් චීන රජය රැකියා නියුක්තිය සහතික කිරීම සඳහා විධිමත් ලෙස කටයුතු කරමින් සිටින බව චාං ජී නන් මහතා සඳහන් කොට ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති