චීන මහජන සමුහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරික පෙළපාලිය පිළිබද මාධ්‍ය දැනුවත් කෙරේ

2019-09-26 11:02:38
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය සැමරීම සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (25) දෙවන විශේෂ මාධ්‍ය හමුව පැවැත්විණ. පුද්ගලයින් ලක්ෂයක් සහ සැමරුම් රථ කණ්ඩායම් 70 ක් මෙවර පෙළපාළියට එක් වනු ඇතැයි සැමරුම් උත්සව සඳහා සේවා පහසුකම් සහ මහජන පෙළපාළි පිළිබඳ අංශයේ අණදෙන විධායක අධ්‍යක්ෂ චාං ගේ මහතා විස්තර කළේය.

“නව චීනය ස්ථාපනය”, “ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය”සහ “මහා පුනර්ජීවනය”යනුවෙන් එම පෙළපාළිය වර්ෂක්‍රමානුගත ලෙස කොටස් තුනකට බෙදා ඇත. නව චීනය පිහිටුවීම, ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය සහ චීන විශේෂලක්ෂණවලින් හෙබී ව්‍යායාමය ප්‍රවර්ධනය කිරීම සහ එම ව්‍යායාමය නව යුගයකට පිවිසීම යන ඓතිහාසික ක්‍රියාවලිය මහජනතාව සමග එක්ව සමාලෝචනය කිරීමේ අරමුණ මෙවර පෙළපාළිය තේමා කර ගනී. ඒ අතරින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික නියෝජිත සම්මේලනයේ සිට පක්ෂයේ හා ජාතික ව්‍යායාමයේ සිදු වූ ඓතිහාසික විපාර්යාස සහ ලබා ගත් ඓතිහාසික ජයග්‍රහණ පිළිබඳව මෙවර පෙළපාළියෙන් ප්‍රධාන වශයෙන් ප්‍රදර්ශනය කෙරේ. “චීන සිහිනයක් කේන්ද්‍රගතව ගොඩනැගීම” යන ගැඹුරු තේමාව ඉන් ඉස්මතු වන බව චාං ගේ මහතා සඳහන් කළේය.

පෙළපාළියට සහභාගී වන ජනතාව සෑම ජාතියකට හා සෑම පර්ෂදකට අයත් වන බව ඔහු අනාවරණය කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති