චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ මැකෞ විශේෂ පරිපාලන කලාපයේ නව ප්‍රධාන විධායකයා අතර හමුවක්

2019-09-11 19:19:31
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැකෞ විශේෂ පරිපාලන කලාපයේ නව ප්‍රධාන විධායක Ho Iat Seng මහතා හමු වෙයි.

මැකෞ කලාපය මව්රටට ආපසු පැමිණීමේ 20 වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. පසුගිය වසර 20 තුළ මැකෞ විශේෂ පරිපාලන කලාපීය රජයට සමාජයේ විවිධ පර්ෂද එක්සත් කොට එක් රටක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය නිවැරදිව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මූලික නීතියේ ගම්භීරබව ස්ථිර ලෙස ආරක්ෂා කිරීමට හැකි වී තිබෙන බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. මැකෞ කලාපයේ ආර්ථිකය වේගවත් ව වර්ධනය වෙමින් ජන ජීවිතය නොකඩවාම යහපත් වී තිබේ. සුසංගත සමාජයක් සතු මැකෞ කලාපය එක් රටක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සාර්ථක නිදසුනක් සේ හඳුන්වා දිය හැකි බව හෙතෙම සඳහන් කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති