චීන අග්‍රාමාත්‍යවරයා චීන-ඇමරිකා ව්‍යවසායකයන්ගේ සංවාදය සඳහා බෙයිජිං නුවරට පැමිණි ඇමරිකා නියෝජිතයන් හමුවෙයි

2019-09-11 16:18:47
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා ඊයේ (10) සවස චීන-ඇමරිකා ව්‍යවසායකයන්ගේ සංවාදය සඳහා බෙයිජිං නුවරට පැමිණි ඇමරිකා නියෝජිතයන් හමු විය.චීන-ඇමරිකා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ 40වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. ගෙවී ගිය වසර 40 තුළ ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාව අඛණ්ඩ ව වර්ධනය වී ඇත.ලොව විශාල ම සංවර්ධිත රට වන ඇමරිකාව සහ ලොව විශාලම සංවර්ධනය වෙමින් පවතින රට වන චීනය අතර පුළුල් පොදු යහපත පවතින බව ලි ක ච්‍යං මහතා එහිදී කියා සිටියේ ය. චීනය විදේශයන් කෙරේ විවෘත වීම වඩාත් ශක්තිමත් කරමින් වෙළඳ පොලට සරිලන නීතියේ පාලනයෙන් හා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ව්‍යාපාරික පරිසරයක් ගොඩ නගමින් සිටින බව හෙතෙම පවසයි. චීනයේ විශාල වෙළඳ පොලක් තිබේ. චීනය සමග ආර්ථික, වෙළඳ හා ආ‍යෝජන සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙස චීන අග්‍රාමාත්‍යවරයා එහිදී ඇමරිකාව ඇතුළු විවිධ රටවල ව්‍යවසායන්ට ආරාධනා ද කළේ ය.

චීනය විවෘතභාවය පුළුල් කිරීමේ නව පියවර පිළිබඳව එම සංවාදයට එක් වූ ඇමරිකා නියෝජිතයෝ සතුට පළ කළහ. චීනය සමග තිබෙන ආර්ථික සම්බන්ධතාව නොසලකා හැරීමට ඔවුන් අකැමැත්ත ද පළ කර තිබේ. ඇමරිකා-චීන ආර්ථික හා වෙළඳ සාකච්ඡා සක්‍රිය ප්‍රගතියක් ලබාගෙන කඩිනමින් එකඟතාවකට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමරිකා නියෝජිතයෝ සඳහන් කළහ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති