චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70වැනි සංවත්සරය සැමරීම සඳහා ප්‍රවෘත්ති මධ්‍යස්ථානය එළඹෙන 23වැනිදා නිල වශයෙන් භාවිතයට පත කෙරේ

2019-08-30 19:26:00
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70වැනි සංවත්සරය සැමරීම සඳහා මේ වසරේ ඔක්තෝබර් මස 1 වැනි දින ආසන්න කාලය තුළ බෙයිජිං නගරයේ උත්කර්ෂවත් සැමරුම් ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමට සැලසුම් කෙරේ. චීන දෙස් විදෙස් වාර්තාකරුවන් ඒ සම්බන්ධයෙන් වාර්තා කටයුතු සිදු කිරීම චීනය පිළි ගනී.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70වැනි සංවත්සරය සැමරීම සඳහා ප්‍රවෘත්ති මධ්‍යස්ථානය බෙයිජිං හි මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරේ. එය සැප්තැම්බර් මස 23වැනිදා සිට නිල වශයෙන් භාවිතයට පත් කෙරේ. හොංකොං, මැකෞව් විශේෂ පරිපාලන කලාපවල, තායිවාන ප්‍රදේශයේ සහ විදේශ රටවල වාර්තාවරුන්ට අදාළ වාර්තා කටයුතු සඳහා http://reg70prc.zgjx.cn යන අන්තර් ජාල වෙබ් අඩවියේ ලියා පදිංචි විය හැකි ය. අදාළ වාර්තා කටයුතු පිළිබඳ ඉල්ලුම් අනුමත කිරීමේ කාලය අගෝස්තු මස 22වැනිදා සිට සැප්තැම්බර් මස 8වැනිදා දක්වා ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති