චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සර සැමරුම් උළෙල ඔක්තෝබර් මස පළමුදා

2019-08-29 14:31:11
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සර සැමරුම් උළෙල එළඹෙන ඔක්තෝබර් මස පළමුදා පැවැත්වේ.

ඔක්තෝබර් මස පළමුදාට යෙදෙන චීන ජාතික දිනයේදී එම සැමරුම් උළෙල බෙයිජිං අගනුවර ටියැන් අන් මෙන් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහ ලේකම්,චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් පවත්වනු ඇත.සැමරුම් උළෙල පැවැත්වීමෙන් පසු උත්කර්ශවත් හමුදා උත්තමාචාරය හා ආචාර පෙළපාළිය පැවැත්වනු ඇත.

එමෙන්ම ජාතික පදක්කම් හා ජාතික සම්මාන ප්‍රදානෝත්සවය ද අදාළ සැමරුම් උළෙලට ඇතුළත් ය.චීන ලක්ෂණ සහිත සමාජවාදී සමාජය ගෙඩනැගීම හා ජාතික ආරක්ෂක කටයුතුවලට සුවිශේෂී දායකත්ව ලබා දුන් පුද්ගලයින්ට සමූහාණ්ඩු පදක්කම් ප්‍රදානය කරනු ඇත.චීන ලක්ෂණ සහිත සමාජවාදී සමාජය නවිකරණය කිරීම,දෙස් විදෙස් අදහස් හුවමාරු හා සහයෝගතා පොළඹවීම සහ ලෝක සාමය සහතික කිරීම පිළිබඳ කටයුතු වලට අතිකීර්තිමත් සේවා ලබා දුන් විදෙස් ජාතිකයින්ට මිත්‍ර පදක්කම් පිරිනැමීම ද එහිදී සිදු කෙරේ. එමෙන්ම,විවිධ ක්ෂේත්‍රවලඅතිකීර්තිමත්,අතිවිශිෂ්ට හා ප්‍රශංසනීය සේවාව ලබා දුන් පුද්ගලයන් උදෙසා ජාතික සම්මාන ප්‍රදානය කිරීමට ඊට අයත්ය. අදාළ පදක්කම් හා සම්මාන ජනාධිපති ෂී ජින් පිං මහතා අතින් පිරි නැමෙනු ඇත.

ඊට අමතරව ජාතික දිනය නිමිත්තෙන් ඔක්තෝබර් මස පළමුදාරාත්‍රියේ ටියැන් අන් මෙන් චතුරශ්‍රයේ දී සංදර්ශනයක්ද පැවැත්වේ. චීන නායකයන් ජනතාව සමඟ ඊට සහභාගි වීමට නියමිතය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති