චීන මහජන සමුහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය නිමිත්තෙන් මාධ්‍ය මධ්‍යස්ථානයක්

2019-08-21 15:43:20
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමුහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය නිමිත්තෙන් මාධ්‍ය මධ්‍යස්ථානය ලබන මස 23 වනදා සිට ක්‍රියාත්මක කෙරේ

චීන මහජන සමුහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය එළඹෙන ඔක්තෝබර් මස පළමු වැනිදාට යෙදී ඇත.ඒ නිමිත්තෙන් බෙයිජිං හිදීවිවිධ ක්‍රියාකරකම් පැවැත්වීමට නියමිතය. දෙස් විදෙස් මාධ්‍යවේදීන් අදාළ උත්සව ආවරණය කිරීම සඳහා ප්‍රවෘත්ති මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.බෙයිජිං මීඩියා මධ්‍යස්ථානයේ පිහිටි එම ප්‍රවෘත්ති මධ්‍යස්ථානය ලබන මස 23 වනදා නිල වශයෙන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

අදාළ උත්සව ආවරණය කිරීම සඳහා පැමිණෙන දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිළි ගැනීම, මාධ්‍ය හමුව හා මාධ්‍යවේදීන් සංග්‍රහය කිරීම,මාධ්‍ය වාර්තා කටයුතු සැලැසුම් කිරීම යන සේවා සැපයීම එහි කාර්යභාරයයි. එමෙන්ම නිල වෙබ් අඩවිය හා Wechat ගිණුම විවෘත කර අදාළ වාර්තා කටයුතු වලට තොරුතුරු සේවා හා තාක්ෂණ සහතිකය එම ප්‍රවෘත්ති මධ්‍යස්ථානය ලබා දෙනු ඇත.

අදාළ උත්සව ආවරණය කිරීම සඳහා හෙට (22) සිට ලබන මස 8 වනදා දක්වා http://reg70prc.zgjx.cn යන වෙබ් අඩවියෙන් මාධ්‍යවේදීන්ට ලියා පදිංචි කළ හැකි බවට පැවසේ.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති