චීන උප ජනපති හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

2019-08-12 19:48:38
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන උප ජනාධිපති Wang Qi Shan මහතා අද (12) බෙයිජිංහිදී ඉන්දීය විදේශ ඇමති Subrahmanyam Jaishankar මහතා හමු විය. අසල්වැසි රටවල් වශයෙන් චීනය හා ඉන්දියාව විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා මනා ලෙස පවත්වා ගෙන යන බව Wang Qi Shan මහතා එහිදී කියා සිටියේ ය. දෙරටේ නායකයන්ගේ පොදු මග පෙන්වීම යටතේ චීන-ඉන්දීය සම්බන්ධතාව නොකඩවා ම වර්ධනය වෙයි. චීන-ඉන්දීය ඉහළ පෙළේ මානව හුවමාරු යාන්ත්‍රණය මගින් ද්විපාර්ශ්වික සම්බන්ධතාව අඛණ්ඩ හා විධිමත් ව වර්ධනය කරමින් ජනතා අවබෝධය වඩාත් ශක්තිමත් කළ යුතු බව චීන උප ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

කලාපීය හා ජාත්‍යන්තර දේශපාලන කරලියේ ඉන්දියාව හා චීනය විශේෂ හා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව Subrahmanyam Jaishankar මහතා එම හමුවේදී පැවසීය. දෙරටේ නායකයන් එළඹුණු එකඟතාව මත අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් මතභේද නිසියාකාරයෙන් හසුරුවමින් චීනය සමග විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් ‍ඉදිරියට ගෙන යාමට ඉන්දියාව කැමති බව ඉන්දීය විදේශ ඇමතිවරයා කියා සිටි‍යේ ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති