චීන අගමැති ශ්‍රී ලංකා ජනපති හමුවෙයි

2019-05-16 10:16:27
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන අගමැති  ශ්‍රී ලංකා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා ඊයේ (15) බෙයිජිං හිදී හමු විය.

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සිය කණගාටුව පළ කළ චීන අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ රජයට සහ ජනතාවට ස්වකීය ස්ථාවරත්වය නැවත ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට චීනය සූදානම් බව පැවසීය.

එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන උපායමාර්ග ශක්තිමත් කිරීමට සහ බහුපාර්ශවික රාමු යටතේ පවතින ප්‍රධාන ව්‍යාපෘති සඳහා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටද චීනය කැමැත්තෙන් සිටින බව අගමැතිවරයා සඳහන් කළේය.

චීනය සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සමග ජාත්‍යන්තර සහ කලාපීය සබඳතාව වර්ධනයට ශ්‍රී ලංකාව කැපවන අතර දෙරටේ මිත්‍රත්වය සහ සහයෝගීතාව ඉදිරියට පවත්වාගෙන යාමට සූදානම් බවත් සිරිසේන මහතා පැවසීය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති