චන්ග් අ 4 යානයේ මෙහෙවර සාර්ථක බව චීනය ප්‍රකාශයට පත් කරයි

2019-01-11 19:32:36
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චන්ග් අ 4 යානයේ  මෙහෙවර සාර්ථක බව චීනය ප්‍රකාශයට පත් කරයි

චන්ග් අ 4 යානයේ මෙහෙවර සාර්ථක බව චීනය ප්‍රකාශයට පත් කරයි

චන්ද්‍රයාගේ ඈත ‍ප්‍රදේශයේ ගවේෂණය සඳහා යොමු කළ චන්ග් අ 4 යානයේ මෙහෙවර සාර්ථක බව චීනය ප්‍රකාශයට පත් කරයි. ප්‍රතියෝජක චන්ද්‍රිකාවේ සහයෙන්‍ ජේඩ් රැබිට් 2 ක රෝවරය හා ‍චන්ග් අ 4 යානය එකිනෙකා ගේ ඡායාරූප ගෙන තිබේ. විද්‍යාත්මක උපකරණ සාර්ථකව ක්‍රියාත්මක වූ අතර එම යානය මගින් ලබා ගත් ඡායාරූප හා දත්ත ‍ගොඩබිම් පාලන මධ්‍යාස්ථානය වෙත ලැබුණු බව චීන ජාතික අභ්‍යාවකාශ පරිපාලනය සඳහන් කරයි.‍චීන ධජයන් සහිත ගොඩබෑම් හා රෝවර් යාන‍යේ ඡායාරූප බෙයිජිං අභ්‍යාවකාශ පාලන මධ්‍යස්ථානයේ විශාල තිරය මත දැක ගත හැකි විය.චන්ග් අ චන්ද්‍ර ගවේෂණ වැඩසටහන 2004 වසරේදී චීන සඳ දෙව්දුව වන චන්ග් අ ගේ නාමයෙන් ආරම්භ කෙරිණ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති