චීන ජනාධිපතිවරයා හා උතුරු කොරියා නායකයා අතර සාකච්ඡාවක්

2019-01-10 14:56:37
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපතිවරයා හා උතුරු කොරියා නායකයා අතර සාකච්ඡාවක්


චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ සංචාරයක නිරත උතුරු කොරියා නායක කිම් ජොන් උන් මහතා සමඟ සාකච්ඡාවක නිරත වෙයි.‍

සුහද හා මිත්‍ර පරිසරයක් තුළ නායක දෙපළ දෙරට අතර සබඳතා හා පොදු අවධානයට ලක්වන කරුණු කෙරෙහි ගැඹුරින් සාකච්ඡා කර වැදගත් එකඟතාවන්ට එළඹුණහ. නව යුගයේ චීන උතුරු කොරියා සබඳතා නව සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සඳහා ඒකාබද්ධව උත්සාහ දැරීමට දෙපාර්ශවය එකඟවූහ. කොරියා අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ක්‍රියා කෙරේ. කලාපයේ සහ ලෝකයේ සාමය, ‍ස්ථාවරත්වය, සෞභාග්‍යය වෙනුවෙන් ධනාත්මක දායකත්වයක් ලබාදීමටද ‍අවධානය යොමුවිය. 2019 වසර ආරම්භයේදී උතුරු කොරියා නායකයා චීනයට පැමිණීම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වන සංවත්සරික වසර සනිටුහන් කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ උතුරු කොරියා නායකයා චීන කොමියුනිස්ට් පක්ෂය සහ චීන ජනතාව සමඟ පවත්වන මිත්‍රත්වය ඉතා වැදගත් බවද හෙතෙම එහිදී සඳහන් කළේය. පසුගිය වසරේදී දෙරට අතර සබඳතාවන්හී නව පරිච්ඡේදයක් විවෘත වූ බවද ෂී ජින් පිං මහතා කියා සිටී. දෙපාර්ශවය ඉහළ පෙළේ හුවමාරු පවත්වා ගනිමින් මිත්‍රත්ව හුවමාරු හා සහයෝගතා පුළුල් කරමින් දෙරට අතර දිගු කාලීන, හිතකර හා ස්ථාවර සබඳතා සංවර්ධනයක් දෙරට අතර පවත්වා ගත යුතු යැයිද චීන ජනාධිපතිවරයා පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ෂී ජින් පිං මහතා යටතේ දෙරට අතර සබඳතා නව ඉහළ මට්ටමකට ප්‍රවේශ වී ඇතැයි උතුරු කොරියා නායකයා සඳහන් කළේය. උතුරු කොරියාව කොරියා අර්දවීපයේ නිර්න්‍යෂ්ටිකකරණ ස්ථාවරයේ අඛණ්ඩව නියැළී සිටින අතර අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු යැයිද හෙතෙම කියා සිටියේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති