ගෙවී ගිය වසර 40 තුළ චීනය ලැබූ ජයග්‍රහණ ඉදිරියටත් පවත්වා ගනී

2018-12-21 16:34:32
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ගෙවී ගිය වසර 40 තුළ චීනය ලැබූ ජයග්‍රහණ ඉදිරියටත් පවත්වා ගනී

ගෙවී ගිය වසර 40 තුළ චීනය ලැබූ ජයග්‍රහණ ඉදිරියටත් පවත්වා ගනී

චීනය වසර 40ක් පුරා ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කර විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. මේ වනවිට චීන ආර්ථිකය සීග්‍ර වේගයකින් වර්ධනය වීමේ සිට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් වර්ධනයක් දක්වා පරිවර්තනය වෙමින් නව අදියරකට පිවිස ඇත. ගෙවී ගිය වසර 40ක කාලයේ චීනය ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇත්තේ විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ පසුබිම යටතේ බවත් ඉදිරියේදී විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් චීනයට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ආර්ථික වර්ධනයක් අත්කර ගත හැකි බවත් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසා තිබේ.

මේ වසරේ “විවෘතභාවය” චීන නායකයින් නිරන්තරයෙන් සඳහන් කළ වචනයක් බවට පත්ව ඇත. චීනය කිසිවිටක විවෘතභාවය ක්‍රියාත්මක කිරීම අත් නොහරින බව විවිධ අවස්ථා‍වලදී ෂී ජින් පිං ජනාධිපතිවරයා පැහැදිලිව හා ස්ථිරව පවසා තිබේ. එපමණක් නොව චීනය විවෘතභාවය තව තවත් පුළුල් කරනු ඇතැයි හෙතෙම පවසයි. ගෙවීගිය මාස කිහිපයේ චීනය එම ස්ථාවරය ක්‍රියාවෙන් තහවුරු කර ඇත. සමස්තයක් වශයෙන් රේගු බදු සියයට 7.5කින් අවම කිරීම, මූල්‍ය, මෝටර් රථ, ගුවන් යානා හා නෞකා නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර විදේශ ආයෝජකයින්ට වඩාත් විවෘත කිරීම එම ක්‍රියා අතර කැපී පෙනේ.

“එක් තීරයක් - එක් මාවතක්” වැඩපිළිවෙළ චීනය දේශීය වශයෙනුන් ජාත්‍යන්තර වශයෙනුත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය ගොඩනැගීමේ වැදගත් වේදිකාවක් බව ෂී ජින් පිං ජනාධිපතිවරයා පවසා තිබේ. එම වැඩපිළිවෙළ යටතේ ගෙවී ගිය වසර 5 තුළ චීනය ඊට අදාළ රටවල් සඳහා කළ සෘජු ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 60ක් ඉක්මවා ගොස් එම රටවල් වෙනුවෙන් රැකියා අවස්ථා 2 ලක්ෂයක් නිර්මාණය කර ඇත. චීනය “එක් තීරයක් - එක් මාවතක්” වැඩපිළිවෙළ ජාතික සංවර්ධන උපාය මාර්ගය හා එක් කරමින් විවෘතභාවය වඩාත් ඉදිරියට ගෙන ‍යන බව චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති