චීන වෙළඳාම ගෝලීය ආර්ථීකයේ වැදගත් භූමිකාවක් නිර්මාණය කරයි

2018-12-20 19:28:08
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන වෙළඳාම ගෝලීය ආර්ථීකයේ වැදගත් භූමිකාවක් නිර්මාණය කරයි

චීන වෙළඳාම ගෝලීය ආර්ථීකයේ වැදගත් භූමිකාවක් නිර්මාණය කරයි

චීන විදේශ වෙළඳාම ලෝක වෙ‍ළඳාමේ වැදගත් වර්ධනීය බලවේගයක් බව චීන ‍රේගු මහ පරිපාලනයේ නියේජ්‍ය අධ්‍යක්ෂ ස්ඔ සී වු මහතා පවසයි. ගෙවීගිය වසර 40 තුළ චීනයේ විදේශීය වෙළඳාම විස්මිත වර්ධනයක් අත්කර ඇති බවත් එහි සාමාන්‍ය වාර්ෂික වර්ධනය සියයට 14.5ක් බවත්, චීන ප්‍රවෘත්ති සේවය සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේය. වසර 40ක් පුරා ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීම ඊට හේතු වී ඇතැයි ඔහු පෙන්වා දෙයි. ගත වූ වසර 40 තුළ චීන විදේශීය වෙ‍ළඳාමේ සමස්ත ප්‍රමාණය 198 ගුණයකින් වර්ධනය වී තිබේ. චීනයේ භාණ්ඩ වර්ග 1400ක අපනයන ප්‍රමාණය ලෝකයේ පළමු ස්ථානයේ පසු වේ. මේ වනවිට චීන විදේශීය වෙ‍ළඳාම කෝටි 20ක පිරිසක් වෙනුවෙන් රැකියා අවස්ථා නිර්මාණය කරමින් ගෝලීය වෙ‍ළඳාමෙන් සියයට 11 ක ප්‍රතිශතයක් ගෙන ඇතැයි, චීන ‍රේගු මහ පරිපාලනයේ නියේජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති