චීන ජනාධිපතිවරයාගේ කථාව ජගත් ප්‍රජාවේ පුළුල් අවධානයට

2018-12-19 14:20:01
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපතිවරයා ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සර සැමරුම් සමුළුව අමතමින් කළ කථාව ජගත් ප්‍රජාවේ පුළුල් අවධානයට ලක් වෙයි.

ගෙවී ගිය වසර 40 තුළ, දේශීය අවශ්‍යතාවෙන් ප්‍රමුඛ කෘෂිකාර්මික සමාජයක් වූ චීනය, ලෝකයේ දෙවැනි ප්‍රධානතම ආර්ථික ඒකකය බවට පත් ව ඇතැයි ජර්මනියේ the World පුවත්පත වාර්තා පවසයි. විවෘතභාවයෙන් ආර්ථිකයට නව ජවයක් ඇති කළ හැකි යැයි චීන රාජ්‍ය නායකයන්ගේ දැඩි විශ්වාසයක් බව මෙම පුවත්පත සඳහන් කරයි. කාර්මික රටවලට ශතවර්ෂ ගනණාවකින් පසු අත් කර ගැනීමට හැකිවූ සංවර්ධනය චීනය විසින් දශක කිහිපයක් තුළ අත්කර ගෙන ඇතැයි ජර්මනියේ Handelsblatt පුවත්පත වාර්තා පළ කරයි.

රුසියානු TASS ප්‍රවෘත්ති සේවය චීන ජනාධිපතිවරයාගේ කථාව උපුටා දක්වමින් ප්‍රකාශ කළේ ගත වූ වසර 40 තුළ, චීනය ස්වාධීන හා ස්වෛරි සාමකාමි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තියෙහි තරයේ එල්බ සිටින බවයි. අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ විවෘත ක්‍රියාමාර්ගය අනුගමනය කරන චීනය, කිසිදු රටකට තර්ජනයක් එල්ල නොකරන බව එම ප්‍රවෘත්ති සේවය පවසයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති