චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයේ 40 වැනි සංවත්සරය සැමරේ

2018-12-18 16:49:26
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයේ 40 වැනි සංවත්සරය සැමරේ

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 40වැනි සංවත්සර සැමරුම් සමුළුව 18 වැනි දින චීනයේ බෙයිජිංහි දී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, චීන මධ්‍යම යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා එම සමුළුවට එක් වී ප්‍රධාන දේශනයක් ඉදිරිපත් කළේය. 1978 වසරේ දෙසැම්බර් මස 18 වැනි දින චීන කොමියුනිස්ට් පක්ෂයේ 11 වැනි මධ්‍යම කාරක සභාවේ 3වැනි පූර්ණ සැසිවාරය පැවැත්විණ. එම සැසිවාරයේදී ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ ඓතිහාසික තීරණයක් ගනු ලැබීය. ෂී ජින් පිං මහතා එම දේශනයෙන් ගෙවීගිය වසර 40ක කාලය තුළ චීනය නිරත වූ සංවර්ධන ක්‍රියාදාමය හා ලබා ගත් අගනා අත්දැකීම් සාරාංශව ඉදිරිපත් කළේය. එම අගනා අත්දැකීම් අඛණ්ඩව පවත්වා ගත යුතු බව හෙතෙම කියා සිටියේය.

චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයේ 40 වැනි සංවත්සරය සැමරේ

චීන ‍කොමියුනිස්ට් පක්ෂය රාජ්‍ය පරිපාලන හා නායකත්ව හැකියාව ඉහළ නංවමින් චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය යන නෞකාව නිවැරදි දිශාව උදෙසා ගමන් කරවීම සහතික කළ යුතු බව, හෙතෙම අවධාරණය කළේය. ‍චීන සංවර්ධනය ලෝකයෙන් වෙන් කළ නොහැකි අතර, ලෝක සමෘද්ධයට ද චීනයේ දායකත්වය අවශ්‍ය වේ. විවෘතභාවය අඛණ්ඩ ලෙස ව්‍යාප්ත කළ යුතු බව, ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයේ 40 වැනි සංවත්සරය සැමරේ

චීනය සිය රටේ දියුණුව සඳහා සෙසු රටවල වාසිදායක තත්වයන් විනාශ නොකරන අතර, සිය නීතිමය අයිතිය ද අත් නෙහරිනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. චීනයේ දියුණුව කිසිදු රටකට තර්ජනයක් නොවන අතර, චීන‍ය කිසිදිනෙකවත් ලෝකය පාලනය කිරීමට කැමති නොවන බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයේ 40 වැනි සංවත්සරය සැමරේ



ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති