චීන ආර්ථිකයේ වර්ධනීය තත්වයක්

2018-11-08 19:50:36
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ ආනයන හා අපනයන වෙළෙඳාම සියයට 22.9 ක වර්ධනයක් පෙන්නුම් කෙරේ.

පසුගිය ඔක්තෝබර් මස චීනයේ සමස්ත ආනයන හා අපනයන වෙළෙඳ වටිනාකම යුවාන් ට්‍රිලියන 2.75ක් බවත් එය පසුගිය වසරට වඩා  සියයට 22.9 ක වර්ධනයක් බවත් චීන රේගු මහා පරිපාලනය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනයකින් හෙළි වේ. එම කාලයේ චීනයේ ආනයන වෙළෙඳාම සියයට 26.3 කින් වර්ධනය වී යුවාන් ට්‍රිලියන 1.26ක ප්‍රතිලාභයක් ලබා දී තිබේ. එමෙන්ම චීනයේ අපනයන වෙළෙඳාම සියයට 20.1 කින් වර්ධනය වී යුවාන් ට්‍රිලියන 1.49 ක ප්‍රතිලාභයක් ද ආර්ථිකයට හිමිකර දී ඇති බව එම සංඛ්‍යා ලේඛනයේ දැක්වේ. එය වෙළෙඳපලේ පෙර පැවති ආර්ථික ලාභ අපේක්ෂාව ඉක්මවා යාමකි. මේ තත්වය සළකා බලා මේ වසරේ චීනයේ ආනයන හා අපනයන වෙළඳ වර්ධනය ස්ථාවර මට්ටමක පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති