චීන ජනපති කියුබානු ජනපති හමුවේ

2018-11-08 19:49:48
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනපති කියුබානු ජනපති හමුවේ

චීන ජනපති කියුබානු ජනපති හමුවේ

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ කියුබානු  ජනාධිපති Miguel Diaz - Canel Bermudez මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. අද(08) බෙයිජිංහී මහජන මහා ශාලාවේදී එම සාකච්ඡාව පැවැත්විණ.

චීනය මෙන් සමාජවාදී ක්‍රමය පවතින කියුබාව චීනයේ දිගුකාලීන හා විශ්වසනීය මිතුරෙකු බව ෂී ජින් පිං මහතා දශක කිහිපයකට පෙර සිට ආරම්භ වූ දෙරටේ මිත්‍රත්වය සිහිපත් කරමින් එහිදී කියා සිටියේ ය. මෙම මිතුදම මේ වනවිට දේශපාලනික වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙනුත් ශක්තිමත් කළ යුතු බව, හෙතෙම අවධාරණය කළේය. චීනය කියුබාව ඇතුළු ලතින් ඇමරිකානු කලාපයේ රටවල් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යනු ඇත. එම සබඳතා තහවුරු කිරීමට කියුබාව ඉටු කර ඇති කාර්යභාරය චීනය අගය කරයි.

“එක් තීරයක් - එක් මාවතක්” වැඩපිළිවෙළට එක්වන ලෙසත් චීන‍යේ පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන ද්වීපාර්ශවික සබඳතාව වඩාත් ඉදිරියට ගෙන යන ලෙසත් චීන ජනාධිපතිවරයා එහිදී කියුබානු  ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ය.

චීනය දිගුකාලීනව කියුබාවට ලබා දී ඇති සහය පිළිබඳ ස්තූතිවන්ත වන බවත්, කියුබානු ජනතාවට චීනය පිළිබඳ ගැඹුරු සහෝදරත්ව හැඟීම් තිබෙන බවත් Miguel Diaz - Canel Bermudez මහතා එම හමුවේදී කියා සිටියේය. තමන්ගේ නායකත්වය යටතේ අන්‍යෝන්‍ය විශ්වාසය හා අවබෝධය මත ගොඩනැගුණු කියුබානු - චීන මිත්‍ර සබඳතාව පෙරට වඩා වර්ධනය කරනු ඇතැයි හෙතෙම කියා සිටියේය. චීනයේ සංවර්ධනය ඉහළින් අගය කරමින් Miguel Diaz - Canel Bermudez මහතා කියා සිටියේ චීනයේ සංවර්ධන රටාව හා අත්දැකීම් මනා ලෙස අධ්‍යයනය කරමින් රටේ සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති බවයි.

 

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති