5වන ලෝක අන්තර්ජාල සම්මේලනය චීනයේදී ඇරඹේ

2018-11-07 16:25:28
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

5වන ලෝක අන්තර්ජාල සම්මේලනය චීනයේදී ඇරඹේ

5 වැනි ලෝක අන්තර්ජාල සම්මේලනය චීනයේ ජේ ච්‍යාං පළාතේ වූ ජෙන් හිදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ අමාත්‍ය හුවාන් කුන්මින් මහතා එම සම්මේලනයට එක්වෙමින් චීන ජනාධිපතිවරයාගේ සුභපැතුම් පණිවිඩය ඉදිරිපත් කළේය.

“අන්‍යෝන්‍ය විශ්වාසය හා පොදු පාලනය සහිත ඩිජිටල් ලෝකය නිර්මාණය කිරීම, පොදු ඉරණමක් සහිත අන්තර්ජාල ඒකකයක් අත්වැල් බැඳ ගෙන ස්ථාපිත කිරීම” මෙවර ලෝක අන්තර්ජාල සම්මේලනයේ තේමාව බව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ පණිවිඩයේ සඳහන් වේ.

ප්‍රායෝගික සහයෝගීතා ශක්තිමත් කරමින් පොදු සංවර්ධනය ගාමක බලවේගය වශයෙන් සලකා පොදු ජයග්‍රහණය ඉලක්ක කර ගනිමින් අන්‍යෝන්‍ය විශ්වාසය හා පොදු පාලනයක් සහිත ක්‍රියාමාර්ගය බිහි  කිරීම සඳහා විවිධ රටවල් කටයුතු කළ යුතු බව, ‍ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ. චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කරන චින්තනය හා අදහස් වලින් පිළිබිඹු විය හැක්කේ චීනය විවිධ රටවල් සමඟ අත්වැල් බැඳ ගනිමින් ඩිජිටල් ලෝකය ගොඩනැගී‍මේ අපේක්ෂාව යැයි හුවාන් කුන්මින් මහතා එහිදී පැවසීය. එය ලෝක අන්තර්ජාල සංවර්ධනයටත් පාලනයටත් චීන බුද්ධිය දාකයවීමකි.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති