චීන අග්‍රාමාත්‍යවරයා තජිකිස්ථානය, නෙදර්ලන්තය හා බෙල්ජියමේ සංචාරයකට සූදානම්

2018-10-10 16:16:37
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

සහයෝගතාවන් වේගවත් කිරීමේ අරමුණෙන් චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා තජිකිස්ථානය, නෙදර්ලන්තය හා බෙල්ජියමේ සංචාරයකට සූදානම් වෙයි. තජිකිස්ථානයේ පැවැත්වෙන ශංහයි සහයෝගතා සංවිධාන රාජ්‍ය ප්‍රධානීන් ගේ සමුළුවේ 17 වන රැස්වීමට සහභාගීවන හෙතෙම එරට සහ නෙදර්ලන්තයේ නිල සංචාරයකද නිරත වනු ඇත. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පැවැත්වෙන 12 වන ආසියා යුරෝපා රැස්වීමට සහභාගීවන ලී ක ච්‍යං මහතා එරට සංචාරයකද නිරත වනු ඇත. චීන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය ශංහයි සහයෝගතා සංවිධාන රටවල් අතර සහයෝගතාවන්ට  හා ආසියා යුරෝපා සහයෝගතාවට මෙන්ම තජිකිස්ථානය, නෙදර්ලන්තය සහ බෙල්ජියම සමග චීන සබඳතාවන්ට ඉතා ඉහළ වැදගත්කමක් හිමිවන බව චීන විදේශ අමාත්‍යංශය සඳහන් කරයි. ශංහයි සහයෝගතා සංවිධාන රාජ්‍ය ප්‍රධානීන් ගේ සමුළුවේ 17 වන රැස්වීමේදී නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං චින්තනය ලී ක ච්‍යං මහතා විසින් විස්තර කරනු ඇති බවද චීන සහකාර විදේශ අමාත්‍ය චන්ග් හන්හුයි මහතා කියා සිටී.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති