වෙළඳ සාකච්ඡා සඳහා ඇමරිකාවෙන් චීනයට ආරාධනයක්

2018-09-14 16:15:13
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

වෙළඳ සාකච්ඡා සඳහා ඇමරිකාවෙන් ආරාධනයක් ලැබී ඇතැයි, චීනය පවසයි.

චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශක ගාඕ ෆෙන්ග් මහතා අද (14) බෙයිජිංහී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. ඇමරිකාවේ එම ආකල්පය චීනය පිළිගන්නා අතර, එහිදී විස්තරාත්මකව ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකි බව ද ඔහු සඳහන් කර ඇත. චීන නිෂ්පාදිතයන්ට ඇමරිකාව පැනවු අතිරේක තීරු බදු හේතුවෙන් අවසානයේදී චීනය හා ඇමරිකානු ජනතාවට මෙන්ම ලෝක ප්‍රජාවගේ අරමුණු වලට හානිදායක තත්වයක් නිර්මාණය විය. ඔහු පැවසුවේ ඇමරිකාව ඉදිරියේදී ජනතා කැමැත්ත වෙනුවෙන් ක්‍රියාකරනු ඇති බව චීනය විශ්වාස කරන බවයි. සමාන, ගෞරවනීය සංවාද හා උපදේශයන් තුළින් ප්‍රායෝගික පියවර ගැනීම මත චීන - ඇමරිකා වෙළඳ සබඳතා යථා තත්වයට පත් කිරීමට ඇමරිකාව ඉදිරියේදී කටයුතු කරනු ඇති බවට චීන රජය විශ්වාස කරනු ඇතැයි, වාණිජ අමාත්‍යංශ ප්‍රකාශක ගාඕ ෆෙන්ග් මහතා එහිදී සඳහන් කළේය.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති