රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ජනතා සුහදතාවට ශක්තියක්

2018-09-14 15:22:13
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන රුසියානු රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ජනතා සුහදතාව නොකඩවාම තහවුරු කෙරේ.

රුසියාවේ පැවති 4 වැනි පෙරදිග ආර්ථික සාකච්ඡා සභාව පසුගියදා නිමාවට පත්විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා අතර මේ වර්ෂයේ තුන්වැනි හමුව එහිදී සිදුවිය. ඒ තුළ දෙරටේ රාජ්‍ය නායකයින්ගේ නිරන්තර හමුවීම් පිළිබඳ චීන රුසියා සබඳතාවේ විශේෂ ලක්ෂණයක් දක්නට ලැබේ. ගෙවී ගිය වසර 5 තුළ ෂී ජින් පිං මහතා හා ව්ලැඩ්මිර් පුටින් මහතා අවස්ථා 20කට වැඩි වතාවට හමුවී ඇත. දෙරටේ නායකයින්ගේ ක්‍රමෝපායීය නායකත්වය ද්වීපර්ශවික සබඳතාව ඉදිරියට ගෙන යාමට ප්‍රබල ශක්තියක් වී තිබේ. ඔවුන්ගේ නිරන්තර හමුවීම, චීන රුසියා සම්පූර්ණ ක්‍රමෝපායීය සහයෝගීතා හවුල්කාරී සබඳතා සංවර්ධනය නියම කිරීමකි. ඒ තුළ ඔවුන් ලද සහභාගීත්වය, ද්වීපාර්ශවික සහයෝගීතාවට සෘජු මෙහෙයවීමක් වශයෙන් පෙන්වා දිය හැකිය. රාජ්‍ය නායකයින් දෙදෙනාගේ පෞද්ගලික මිත්‍රත්වය, ඒ ඒ ක්ෂේත්‍රයන් හී සිදු කෙරෙන හුවමාරු සඳහා ආදර්ශයක් ද වේ. දෙරටේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ජනතා සුහදතාව නොකඩවාම ශක්තිමත් කෙරේ. ජාතික වසර, භාෂා වසර, සංචාරක වසර, තරුණ මිත්‍රත්ව හුවමාරු වසර, මාධ්‍ය හුවමාරු වසර ඇතුළු විවිධ තේමා සහිත ක්‍රියාකාරකම් දෙරට අතර ක්‍රම ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතී. පසුගිය වසරේ රුසියාවේ සංචාරය කළ චීන ජාතිකයින් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇත. චීනයට පැමිණි රුසියානු සංචාරකයින්ගේ සංඛ්‍යාව ද ලක්ෂ 23කට වැඩිය. වසර 2020 වනවිට, චීනයේ රුසියානු සිසුන් හා රුසියාවේ චීන සිසුන් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති