ඇමරිකාව චීනය සමඟ වෙළද ආරවුලක් ඇති කර ගත්තේ ඇයි?.... ඉතිහාසයෙන් සාක්ෂී

2018-08-10 19:40:14
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකාව විසින් ඇති කර ගත් අමෙරිකා-චීන වෙළඳ ආරවුල ආරම්භ වෙයි. මේ සඳහා මෙම සතියේ ඇමරිකාව හා චීනය වෙන් වෙන් ව ප්‍රකාශ කළේ අන්‍යෝන්‍ය වශයෙන් අ.ඩො. බිලියන 16ක නිෂ්පාදිතයන්ට ‍එරෙහිව සියයට 25ක අතිරේක තීරු බදු පනවන බවයි. ලබන 23වැනි දා සිට මෙම තීරුබදු ක්‍රියාත්මක වෙයි.

ඇමරිකාව මෙවැනි ප්‍රතිපත්ති දියත් කිරීම සිය දේශපාලනය අතින් සලකා බැලුව ද එමඟින් එරට දීර්ඝකාලීන ගුප්ත උපායමාර්ගික ඉලක්කය ද ඉස්මතු වී ඇත. සීඝ්‍රයෙන් නැගී එන සිය ප්‍රතිවාදියාට අනිවාර්යයෙන් ම දැඩි ලෙස බාධා කළ යුතු බව ඇමරිකාවේ අරමුණය. මෙමගින් ඇමරිකානු ඩොලර්හි ප්‍රමුඛ තත්ත්වය ආරක්ෂා කරමින් බහුපාර්ශවික රෙගුලාසි පාලනය කර විශාලතම ආර්ථික ප්‍රතිලාභ අත්පත් කර ගන්නා බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමරිකාව පිහිටුවා වසර 200කට අධික කාලයක් ගත වී තිබේ. එහෙත්, සිය ප්‍රතිවාදීන්ට බාධා කළ අවස්ථා කීපයක් දක්නට ලැබේ. සෝවියට් සංගමයට දැඩි ලෙස අවහිර කළ අතර ජපානයට ද බාධා කළේය. සෝවියට් සංගමය හා ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ගත් ප්‍රතිශතය සියයට 60 ඉක්මවා යාම ඊට හේතු වී ඇත. මෙවැනි තත්ත්වය ඉස්මතු වන්නේ නම්, ඇමරිකාව සිය ප්‍රතිවාදීන්ට එරෙහිව තම ගුප්ත ඉලක්කයන් එල්ල කරන බව ද පෙන්වා දිය හැකි ය.

2014 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ගත් ප්‍රතිශතය ප්‍රථම වරට සියයට 60 ඉක්මවා ගොස් තිබිණ. එය ඇමරිකාවට ඉවසිය නොහැකි සිදුවීමකි. චීනය තම රට අභිබවා යාමේ අවදානම ද පවතින බව ඇමරිකාව සඳහන් කරයි. ඒ හේතුවෙන් චීනය යටපත් කර ගැනීම ඇමරිකාව විසින් සිදු කරන ලද අනිවාර්ය දෙයකි. එහෙත් චීනය එවක ජපානය නොවෙයි.

මුලින් ම, අති විශාල දේශීය වෙළඳ පොළ සහ එක් තීරයක් එක් මාවතක් ඇතුළු නවාකාර සහයෝගිතා වේදිකා රැසක් චීනයට හිමි වෙයි. එවක ජපානය අපනයනය හා සමීපව බැඳී තිබූ රටකි. විශේෂයෙන් ම ජපානය, ඇමරිකාව හා යුරෝපා වෙළඳ පොළ හා දැඩිව රඳා පැවතිණ.

දෙවැන්න, චීනයේ ස්ථිර ‍දේශපාලන ක්‍රමය හා දිර්ඝකාලීන ක්‍රමෝපායන් පවතී. එවක ජපානයට මෙවැනි දේශපාලන පරිසරය හා තිරසර ආර්ථික ප්‍රතිපත්ති නොතිබිණ.

තුන් වැන්න, ලෝකයේ විශාලත ම මෙන්ම විවිධ වර්ගයේ බහුලම කර්මාන්ත පද්ධතිය චීනයට හිමි වෙයි. එපමණක් නොව, ‍ගෝලීය කර්මාන්ත දාමයේ මෙන්ම සැපයීම් දාමයේ කේන්ද්‍රීය ‍කොටසක් අද චීනයට හිමිව තිබේ. තීරු බදු ප්‍රතිපත්ති ප්‍රයෝජනයට ගනිමින් උපාය යොමු කිරීමෙන් තම රටට සිදු වන බලපෑම් චීනයට සිදු කරන බලපෑම් වලට වඩා වැඩි වෙයි.

ජපානය හා චීනය යන රටවල් දෙක ම වේගවත්ව ඉදිරියට යාමේදී ඇමරිකාවේ යටපත් කිරීමට හසු වුවද එහි ප්‍රතිඵලය වෙනස්ය. චීනයේ සංවර්ධන පදනම වෙනස් නොවේ. චීනයට මහ නෞකාවක් සේ විවිධ අසීරුතාවන් අභිබවා අඛණ්ඩව ඉදිරියට ගමන් කිරීමට හැකි වෙයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති