චීන නිෂ්පාදිතයන්ට අතිරේක රේගු බදු පැනවීමේ ඇමෙරිකානු තීරණයට වෙළඳ නියෝජිතයින්ගේ කණස්සල්ල

2018-08-09 16:40:34
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන නිෂ්පාදිතයන්ට අතිරේක රේගු බදු පැනවීමේ  ඇමෙරිකානු තීරණයට වෙළඳ නියෝජිතයින්ගේ කණස්සල්ල

ඩොලර් බිලියන 16ක වටිනාකමෙන් යුත් චීන නිෂ්පාදිතයන්ට අතිරේක රේගු බදු පැනවීම සම්බන්ධයෙන් ඇමෙරිකා වෙළඳ නියෝජිත කාර්යාලය රැස්වීමක් පවත්වා තිබේ.

ඇමෙරිකාවේ රසායනික කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නියෝජිතවරු 82 දෙනෙක් ඊට එක් වූහ.

මේ සම්බන්ධයෙන් කණස්සල්ල දක්වමින් ඔවුන් පැවසුවේ චීන නිෂ්පාදිතයන්ට අතිරේක රේගු බදු පැනවී‍මේ තීරණය ඇමෙරිකානු සමාජයට අයහපත් බලපෑම් සිදු කරනු ඇති බවයි.  රැස්වීම අවසානයේ ඊට සහභාගී වූ 82 දෙදෙනාගෙන් 6 දෙනෙක් පමණක් එම තීරණය අනුමත කර තිබේ.

නමුත් ඇමෙරිකානු ව්‍යාපාරවල හා කර්මාන්ත සංගම්වල විරෝධය නොසලකා ට්‍රම්ප් පරිපාලනය එම තීරණය ස්ථීර ලෙස ක්‍රියාත්මක කොට ඇත.

ඇමෙරිකාවේ මෙම රැස්වීම අදහස් ලබා ගැනීමේ නීති ක්‍රමයක් පමණ ය. බහුතර විරෝධි අදහස් හා යෝජනා සුළුතර තීරණාත්මක පුද්ගලයින් විසින් පැහැර ගෙන ඇත.

එළඹෙන 23වැනිදා සිට ඩොලර් බිලියන 16ක වටිනාකමෙන් යුත් චීන නිෂ්පාදිතයන්ට එරෙහිව 25%ක අතිරේක රේගු බදු පනවනු ඇති බව ඇමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය පසුගිය 7වැනිදා ප්‍රකාශ කළේ ය.

සිය අයිතිවාසිකම් හා බහු පාර්ශ්වික වෙළඳ පද්ධතිය සහතික කිරීම සඳහා චීනය ද ප්‍රතිපියවර ගත යුතු ය.

 ඒ අනුව ලබන 23වැනිදා සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක වටිනාකමෙන් යුත් ඇමෙරිකානු නිෂ්පාදිතයන්ට 25%ක අතිරේක රේගු බදු පැනවීමට චීනය ද තීරණය කර තිබේ.

ඇමෙරිකාව වෙළඳ ගැටළුව නැවත උග්‍ර කිරීමේ ක්‍රියාවට ‍එරෙහිව චීනය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කරමින් සිය වැඩකටයුතු මනා ලෙස ක්‍රියාත්මක කරනු ඇත.

ඇමෙරිකාව වෙළඳ සටන ආරම්භ කිරීමේ අරමුණ“ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව”සඳහා එරට නිෂ්පාදන කර්මාන්තය ඇමෙරිකාවේදී ප්‍රවර්ධනය කොට ජනතාවට වැඩි රැකියා නියුක්ති අවස්ථා නිර්මාණය කිරීම ය. නමුත් එම වෙළඳ සටන සිදු කිරීමේ ප්‍රතිඵලයන් පිළිබඳව ලෝක ප්‍රජාව පුදුමයට පත් කර ඇත.

චීන නිෂ්පාදිතයන්ට අතිරේක රේගු බදු පැනවීමේ  ඇමෙරිකානු තීරණයට වෙළඳ නියෝජිතයින්ගේ කණස්සල්ල


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති