චීන අගමැති හා එක්සත් ජාතින්ගේ මහ සම්මේලනයේ නව සභාපතිවරිය අතර හමුවක් - sinhalese.cri.cn

චීන අගමැති හා එක්සත් ජාතින්ගේ මහ සම්මේලනයේ නව සභාපතිවරිය අතර හමුවක්

2018-08-09 15:27:19
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන අග්‍රාමාත්‍යවරයා, 73වැනි එක්සත් ජාතින්ගේ මහ සම්මේලනයේ නව සභාපතිවරිය හමු වෙයි.

එම හමුව ඊයේ(8) පස්වරුවේ චීනයේ හබෙයි පළාතේ බේ තායි හ නගරයේදී පැවැත්විණ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරම්භක සාමාජික රටක්, ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර නිෂේධ බලය හිමි රටක් සහ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් චීනය සැම විට ම එම සංවිධානයේ වැඩකටයුතුවලට සහය දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ඛ ච්‍යාං මහතා එම හමුවේදී සඳහන් කළේය.

එම සංවිධානය පිහිටුවා ගත වූ වසර 70කට වැඩි කාලයක් තුළ ලොවපුරා ජනගහනයෙන්  බිලියනයක් පමණ දිළිඳුබවෙන් මුදා ගෙන තිබේ.

එමෙන් ම රටවල් රැසක් සංවර්ධිත හා සමෘද්ධිමත් මාර්ග ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.

චීන අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහ ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවයි.

එම ප්‍රතිසංස්කරණ කළ යුත්තේ දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසු පැවති ජාත්‍යන්තර පටිපාටිය, එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය සහ නිදහස් වෙළඳාම ඇතුළු වැදගත් මූලධර්ම සහතික කිරීමේ පදනම මත බව ලී ඛ ච්‍යාං මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.චීනය සමඟ ඇති සබඳතාව එක්සත් ජාතින්ගේ සංවිධානය ඉහළින් වැදගත් කොට සලකන බව එක්සත් ජාතින්ගේ මහ සම්මේලනයේ නව සභාපතිනී මාරියා ෆර්නැන්ඩා මහත්මිය එම හමුවේදී පැවසුවාය.තමා සභාපති ධුරයට පත් කිරීමෙන් පසු සංචාරය කරන ප්‍රථම රට වශයෙන් චීනය තෝරා ගැනීම ඊට හේතුව බව ඇය සඳහන් කළාය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති