ඇමරිකාව නිකුත් කළ තීරු බඳු ලැයිස්තුවට චීනයේ විරෝධය

2018-07-11 16:35:16
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 200 ක තීරු ගාස්තු ලැයිස්තුවක් ඇමරිකාව නිකුත් කරයි. ඒ පිළිබඳ චීනයේ වාණිජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම තීරු බඳු ලැයිස්තුව පිළිබඳ විරෝධය දක්වන බවයි. ඇමරිකාව විසින් නිකුත් කර ඇති මෙම තීරුබඳු ලැයිස්තුව සම්පූර්ණ වශයෙන් පිළිගත නොහැකි බව, අමාත්‍යාංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. “මෙය චීනයට රිදවීමකි. එමෙන්ම එම අතාර්ථික ක්‍රියාව ජනතා කැමැත්තට පටහැනි බව” පැවසේ. චීනය මේ පිළිබදව කණගාටුව පළ කරන අතර, තම රජය සෑම විටම ජනතාවගේ මූලික අවශ්‍යතාවන් ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බවත් ජාතියේ අවශ්‍යතාවට මූලිකවම කැපවන බවත් පවසා ඇත. නිදහස් වෙළඳ රෙගුලාසි සහ බහු පාර්ශ්වික වෙළඳ තන්ත්‍රය බිඳ දැමීමට එරෙහිව ජාත්‍යාන්තර අවධානය යොමු විය යුතු බව ද චීනයේ වාණිජ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකවරයා සඳහන් කර සිටී. ඇමරිකාවේ ඒකපාර්ශ්වික ක්‍රියාවන් සම්බන්ධයෙන් ලෝක වෙළඳ සංවිධානය දැනුවත් කිරීමට ඉදිරියේදී ක්‍රියා කරන බව ද සඳහන් කර ඇත.

 

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති