ඇමෙරිකානු වෙළෙඳ සටනින් ඇති වන ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමට චීනය සූදානම්

2018-07-10 17:23:58
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමෙරිකානු වෙළෙඳ සටනින් ඇති වන ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමට චීනය සූදානම්

ඇමෙරිකානු වෙළෙඳ සටනින් ඇති වන ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමට චීනය සූදානම්

ඇමෙරිකාව සමග පවතින වෙළෙඳ සටනින් ඇති වන ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමට චීනය සූදානම් වෙයි.

 ඩොලර් බිලියන 34ක වටිනාකමින් යුත් චීන නිෂ්පාදිතයන් කෙරෙහි සියයට 25කින් රේගු බදු අතිරේකව පැනවීමෙන් ඇමෙරිකාව චීනය ඉලක්ක කරගෙන වෙළෙඳ සටන ආරම්භ කර තිබේ. චීනයේ වෙළෙඳාමට පමණක් නොව චීනයේ සංවර්ධන මාවතට බාධා කරමින් එම මාවත වෙනස් කිරීම ඇමෙරිකාවේ මූලික අරමුණ වී ඇත. එබැවින් පසුගිය දා ආරම්භ වූ ඇමෙරිකා-චීන වෙළෙඳ සටන චීනයේ කේන්ද්‍රීය යහපතට බලපාන බැරෑරුම් කාර්යයකි. ඊයේ (09) චීන වාණිජ අමාත්‍යාංශය ඇමෙරිකා-චීන වෙළෙඳ සටනින් ඇති වූ අලාභ අවම කිරීමේ පියවර 4ක් ප්‍රකාශයට පත් කළේ ය. එම පියවර මගින් චීන රජය මෙවර වෙළෙඳ සටනින් අලාභ සිදු වූ චීන ව්‍යවසායන් හා සේවකයන්ට සහය දක්වන අතර චීන ආර්ථික සංවර්ධන ගුණාත්මකභාවය ඉහළ නංවා ගනිමින් දේශීය ව්‍යවසායන්ට වඩාත් යහපත් සංවර්ධන පරිසරයක් නිර්මාණය කරනු ඇත.

ලෝකයේ සියලු කාර්මික අංශ සතු එකම රට වන්නේ චීනයයි. බිලියන 1.4කට ආසන්න ජනගහණයක් සිටින විශාල පාරිභෝගික වෙළෙඳ පොළක් චීනයේ ද තිබේ. එබැවින් විදේශ වෙළෙඳාමට බරපතල ප්‍රශ්න ඇති වීමේදී වුව ද චීන ආර්ථිකය වර්ධනය වීමේ හැකියාව පවතී. චීනයේ නිර්මාණශීලි ව්‍යවසායන් සංඛ්‍යාව ලොව දෙවැනි ස්ථානයේ පසු වේ. එම ව්‍යවසායන් චීන ආර්ථිකයට ප්‍රබල රුකුලක් සපයා දෙයි. එමෙන් ම චීනය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය අඛණ්ඩවම ක්‍රියාත්මක කරන හෙයින් විදේශ රටවලට චීනය කෙරෙහි තිබෙන ආයෝජන විශ්වාසය තව තවත් වැඩි වෙමින් තිබේ. එබැවින් ඇමෙරිකාව සමග පවතින වෙළෙඳ සටනින් ඇති වන ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය චීනයට තිබෙන බව  චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති