අරාබි රටවල් සමඟ පවතින උපාය මාර්ගික සබඳතා ශක්තිමත් කෙරේ

2018-07-10 16:55:55
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අරාබි රටවල් සමඟ පවතින උපාය මාර්ගික සබඳතා ශක්තිමත් කෙරේ

චීන-අරාබි රටවල උපාය මාර්ගික හවුල්කාරි සබඳතාව ගොඩනැගීමට දෙපාර්ශ්වය එකමතිකව එකඟතාවකට එලඹ ඇති බව චීන ජනාධිපතිවරයා පවසයි.

චීන-අරාබි රටවල සහයෝගීතා සාකච්ඡාවේ අටවැනි අමාත්‍ය මණ්ඩල සමුළුව 10 වැනි දින බෙයිජිංහි මහජන මහ ශාලාවේදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් සිදු කරමින් මේ බව පැවසීය. නව යුගයේ චීන - අරාබි උපාය මාර්ගික හවුල්කාරි සබඳතාව අත්වැල් බැඳ ගෙන ඉදිරියට ගෙන යාම” එම දේශනයේ තේමාව විය.

අරාබි රටවල් සමඟ උපාය මාර්ගික හා ක්‍රියාකාරකම් ශක්තිමත් කර එක් තීරයක්-එක් මාවතක්” වැඩපිළිවෙළ සංවර්ධනය පොදුවේ ඉදිරියට ගෙන යාමට චීනය කැමති බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

දෙපාර්ශ්වය මැද පෙරදිග කලාපීය සාමය හා සාධාරණය ආරක්ෂා කරමින් පොදුවේ සංවර්ධනය ඉදිරියට මෙහෙයවා අදාළ අත්දැකීම් අන්‍යෝන්‍ය ලෙස ඉගෙන ගනිමින් හුවමාරු කිරීමට ද චීනය බලාපොරොත්තු වන බව චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

“එක් තීරයක් - එක් මාවතක්” වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීම, සාමකාමී සංවර්ධනය ඉදිරියට ගෙන යාම සහ නව යුගයේ චීන - අරාබි උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව අත්වැල් බැඳ ගෙන ඉදිරියට ගෙන යාම, එම සමුළුවේ ප්‍රධාන තේමාව වේ. චීන හා අරාබි සංගම් රටවල නියෝජිතවරු, අරාබි සංගම් මහ ලේකම්වරයා සහ අදාළ චීන ආයතනවල නිලධාරිහු 300 ක් පමණ මේ සඳහා සහභාගී ව සිටිති.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති