පස්වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය කුන්මිං නගරයේදී

2018-06-13 14:18:29
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පස්වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය කුන්මිං නගරයේදී

පස්වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය කුන්මිං නගරයේදී 14 දා ඇරඹේ.

ප්‍රදර්ශනය 14වැනිදා සිට 20වැනිදා දක්වා දින 7ක් පුරා චීනයේ යුන් නැන් පලාතේ කුන්මිං අගනගරයේදී පැවැත්වීමට නියමිත ය. එමෙන්ම ප්‍රථම චීන-දකුණු ආසියා සහයෝගතා සාකච්ඡා සභාව මෙම කාලය තුළ පැවැත්වේ.

රටවල්, ප්‍රදේශ හා ජාත්‍යන්තර සංවිධාන 87ක ව්‍යාපාර මෙවර ප්‍රදර්ශනයට එක් වෙයි. සමස්ත ව්‍යාපාර සංඛ්‍යාව 3825කි. ඉන් දකුණු ආසියා රටවල ව්‍යාපාර 526ක් තිබේ.  අග්නිදිග ආසියා රටවල ව්‍යාපාර සංඛ්‍යාව 513කි.

“දකුණු ආසියා කලාපීය සහයෝගීතාවන් ශක්තිමත් කරමින් කලාපීය සාධාරණත්ව සංවර්ධනය ඉදිරියට ගෙන යාම” ප්‍රථම චීන-දකුණු ආසියා සහයෝගතා සාකච්ඡාවේ ප්‍රධාන තේමාව ය. චීනය දකුණු ආසියා රටවල් සමඟ පොදු සාකච්ඡා පොදු සංවර්ධන හා පොදු භාවිත ප්‍රතිපත්තිමය සංවාද, ආර්ථික හා වෙළඳ ආයෝජන, මානව හුවමාරු හා අත්දැකීම් බෙදා දීම් නව වේදිකාවක් ගොඩනැගීම එම සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති