විවෘත භාවය තුළින් රට සංවර්ධනය කළ හැකියි - චීන ජනපති

2018-05-16 17:04:59
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

විවෘත භාවය තුළින් රට සංවර්ධනය කළ හැකියි - චීන ජනපති


විවෘත පරිසරයක් තුළ චීනයට විවෘතභාවය පුරුදු වීමෙන් සාර්ථක සංවර්ධනයක් ඉදිරියේදී ලබා ගත හැකි බව චීන ජනාධිපතිවරයා පවසයි.

 

බෝ ආඕ ආසියානු සාකච්ඡාවේ අධ්‍යක්ෂ ජනරාල් Ban Ki - moon මහතා සමග බෙයිජිංහි පැවති හමුවීමේ දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මේ බව පැවසීය. බෝ ආඕ ආසියානු සාකච්ඡා ක්‍රමවේදය ස්ථාපිත වීම හා එහි සංවර්ධනය, චීන ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය සමග සමීපව ඉදිරියට ගෙන යන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සි‍ටියේය. බෝ ආඕ ආසියානු සාකච්ඡා මඟින් ‍ගෝලීයකරණය හා නිදහස් වෙළඳාමට සහය ලබාදීමට නියමිත පණිවිඩය ඉදිරිපත් කළ යුතු බව Ban Ki - moon මහතා එහිදී සඳහන් කළේය. “එක් තීරයක් - එක් මාවතක්” වැඩපිළිවෙල ඔස්සේ ආසියාව විවෘතභාවයකින් හා නිර්මාණශීලිත්වයෙන් වඩාත් යහපත් ලෙස සංවර්ධනය කිරීම සාක්ෂාත් කළ යුතු බව, හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති