8 වැනි බෙයිජිං ජාත්‍යන්තර සිනමා උළෙල ඇරඹේ(8/9)

2018-04-16 18:27:36
Download image Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
8/9
එම උළෙල ඊයේ (15) රාත්‍රියේ චීනයේ බෙයිජිං නගරයේදී ආරම්භ විය. 2010 වසරේ ප්‍රථම බෙයිජිං ජාත්‍යන්තර සිනමා උළෙල පැවැත්වීමෙන් පසු කාලය තුළ සම්පත් පොදු බෙදා දීම හා අනාගතය පිළි ගැනීමේ අරමුණින් යුතුව චිත්‍රපට කලා ශිල්පින් බිහි කරමින් චිත්‍රපට සංස්කෘතිය සමෘද්ධිමත් කර ඇතැයි බෙයිජිං නාගරික ප්‍රචාරක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ, එම උළෙලේ සංවිධාන කමිටුවේ උප ස්ථාවර සභාපති දූ ෆෙ මහතා එම සමාරම්භක උත්සවයේදී පැවසීය.වත්මන් බෙයිජිං ජාත්‍යන්තර සිනමා උළෙල උසස් මට්ටමේ විශේෂත්ව හා නිර්මාණශීලිත්ව ජාත්‍යන්තර උත්සවයක් බවට පත් වී ඇති බව හෙතෙම එහිදී සඳහන් කළේය.මෙවර උළෙල 15වැනිදා සිට 22වැනිදා දක්වා පැවැත්වේ.Tiantan සම්මාන සඳහා චිත්‍රපට තෝරා ගැනීම, දෙස්-විදෙස් හොඳම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම, චිත්‍රපට පිළිබඳ සංවාද හා සාකච්ඡා පැවැත්වීම යනාදි වැදගත් ක්‍රියාකාරකම් ඊට ඇතුළත් වෙයි.

ප්‍රතිචාර දක්වන්න