චීන මහජන විමුක්ති හමුදාවේ සංශෝධිත නියෝග තුනකට චීන මධ්‍යම යුද කමිටු සභාපති අත්සන් තබයි
චීන මධ්‍යම යුද කමිටු සභාපති ෂී ජින්පිං මහතා චීන මහජන විමුක්ති හමුදාවේ සංශෝධිත නියෝග තුනකට අත්සන් තබයි. එම නියෝග එළඹෙන මැයි මස 1 දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම සංශෝධිත නියෝග තුන හමුදාව ශක්තිමත් කරලීම පිළිබඳ ෂී ජින්පිං මහතාගේ සංකල්පය අනුගමනය කිරීමකි. එමගින් මහජන හමුදාව කෙරෙහි චීන කොමියුනිස්ට් පක්ෂය සතු ස්ථිර නායකත්වය සහ මධ්‍යම යුද කමිටු සභාපතිවරයා හමුදාවේ ආඥාවන්ට වගකීමේ ක්‍රමවේදය පිළිබිඹු වී තිබේ. එම නියෝග තුන නව යුගයේ හමුදාවේ නියම සංවර්ධනය පිළිබඳ මූලික රෙගුලාසීන් මෙන්ම සමස්ත චීන හමුදාවන් පොදුවේ අනුගමනය කළ යුතු හැසිරීම් නියමයන් ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇත.
ප්‍රතිචාර දක්වන්න