චීන ජනාධිපතිවරයා නෙදර්ලන්ත රජු හමු වෙයි

2018-02-08 14:01:38
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිංහිදී නෙදර්ලන්ත රජු හමු වෙයි.

හමුවේදී ෂී ජින් පිං මහතා පැවසුවේ 2014 වසරේ තමා සිදු කළ නෙදර්ලන්ත නිළ සංචාරයේදී රජතුමා සමඟ දෙරටේ විවෘත, ඵලදායී හා පූර්ණ සහයෝගතා හවුල්කාරී සබඳතාව තහවුරු කර ගත් බවයි. එමඟින්, දෙරටේ සහයෝගතා සැළැස්ම හා ඉලක්ක ශක්තිමත් කෙරිණ. දෙපාර්ශවය එළඹ ඇති එකඟතාවන් හා අන්‍යෝන්‍ය නිළ සංචාරය තුළ ලබා ගත් ප්‍රතිඵල පොදු උත්සාහයන් යටතේ ප්‍රායෝගිකව සාක්ෂාත්  කර ගෙන ඇත. දෙරටේ සබඳතාව ඉතිහාසයේ ඵලදායීම කාලයකට පිවිස ඇති බව ඉන් පිළිබිඹු වෙයි.

නව වසර තුළ, දෙරට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ වෙනුවෙන් පොදුවේ පෙනී සිටිමින් ඵලදායී සහයෝගතා තවදුරටත් ක්‍රියාවට නැංවීමට හැකි වනු ඇති බවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කර ඇත.

නෙදර්ලන්ත රජු willem-alexander එම හමුවේදී කියා සිටියේ තම රට හා චීනය අතර සබඳතාව නෙදර්ලන්තය අඛණ්ඩ ව ඉහළින් අගය ‍කොට සලකන බවයි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල තම රටට වඩාත් වැඩි සංවර්ධන අවස්ථා ලබා දීමට හැකි වනු ඇති අතර ඒ වෙනුවෙන් ‍දායක වීමට නෙදර්ලන්තය කැමැත්තෙන් පසු වන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ඉන් පසු, චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා හා රජුතුමා අතර හමුවක් ද පවත්වා ඇත.

Wang/Liu

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති