බහු පක්ෂ සහයෝගතාව නව දර්ශනයෙන් යුතුව බිහි විය යුතු බව චීන ජනපති පවසයි

2018-02-07 16:09:11
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

බහු පක්ෂ සහයෝගතාව නව දර්ශනයෙන් යුතුව බිහි විය යුතු බව චීන ජනපති පවසයි


චීනයේ සාම්ප්‍රදායික වසන්ත උත්සවය පිළි ගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂ නොවන නියෝජිතයෝ ඊයේ (6) රැස්වූහ. චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මධ්‍යම කමිටු සභාපතිවරු, ජාතික කාර්මාන්ත හා වාණිජ ඒකාබද්ධ සංගමයේ ප්‍රධානීයා සහ පක්ෂ නොවන නියෝජිතයෝ ද ඊට එක් වූහ.

චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය නව යුගයට ප්‍රවේශ වී ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. ඒ සඳහා චීනයේ බහු පක්ෂ සහයෝගතා නව දර්ශනයෙන් යුතුව බිහි විය යුතු අතර පොදු සංකල්පය නව තලයකට නංවා ලීම යුතුකමක් යැයි ද හෙතෙම අවධාරණය කළේය. තමන්ගේ වගකීම භාර ගනිමින් අලුත් කැපවීමක් සිදු කළ යුතු අතර චීන දේශපාලනයට එක් වන පක්ෂ තුළින් නව පෙනුමක් පිළිබිඹු විය යුතු බව ද හෙතෙම පැවසීය.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති