චීන ජනපති දකුණු කොරියානු ජනපති සමඟ දුරකථන සංවාදයක

2018-01-12 14:25:48
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දකුණු කොරියානු ජනාධිපතිවරයා සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි.

දකුණු කොරියානු ජනාධිපතිවරයා පසුගිය දා චීනයේ සාර්ථක නිල සංචාරයක නිරත විය. දෙරට සබඳතාව යහපත් වීම සම්බන්ධයෙන් චීනය ප්‍රශංසා පළ කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. නව වසරේ දකුණු කොරියාව සමඟ ක්‍රමෝපායීය සම්බන්ධතාව ශක්තිමත් කරමින් ප්‍රායෝගික සහයෝගතා ඉදිරියට ගෙන යමින් සංවේදී ප්‍රශ්න නිසි ලෙස විසඳා ගනිමින් කලාපීය සාමය හා ස්ථාවරත්වය වර්ධනය කර ගැනීම සඳහා දායක වීමට චීනය කැමැත්තෙන් පසු වන බව හෙතෙම පෙන්වා දුන්නේය. Pyeongchang සීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සාර්ථක වේවා යැයි චීනය ප්‍රාර්ථනා කරන බවද ෂී ජින් පිං මහතා එම දුරකථන සංවාදයේදී පැවසීය.

දකුණු කොරියා චීන ක්‍රමෝපායීය සහයෝගතා හවුල්කාරි සබඳතාවේ සංවර්ධන ප්‍රවණතාව තහවුරු කර නව වසරේ තව තවත් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව දකුණු කොරියානු ජනාධිපති Moon Jae-in මහතා ප්‍රකාශ කළේය. පසුගිය දා පැවති දකුණු උතුරු කොරියා උසස් පෙළේ සාකච්ඡාවේදී ලබා ගත් ප්‍රතිළුල දැනුවත් කළ හෙතෙම කොරියානු අර්ධද්වීප ප්‍රශ්නයේදී  චීනය ඉටු කරන වැදගත් කාර්යභාරය අගය කරන බව පෙන්වා දුන්නේය. සංවාදය හරහා ප්‍රශ්න විසඳා ගැනීමටත් කලාපීය සාමය හා ස්ථාවරත්වය තහවුරු කර ගැනීමටත් දකුණු කොරියාව චීනය සමඟ එක්ව කැපවීමට බලාපොරොත්තුවෙන් සිටින බව Moon Jae-in මහතා පැවසීය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති