චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය දැඩි කිරීම අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව පක්ෂ මහ ලේකම්, චීන ජනාධිපති ෂී චින් පිං මහතා අවධාරණය කරයි

2018-01-11 19:42:17
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය දැඩි කිරීම අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව පක්ෂ මහ ලේකම්, චීන ජනාධිපති ෂී චින් පිං මහතා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ 19වන විනය පරීක්ෂණ කමිටුවේ දෙවැනි පූර්ණ සැසිය බෙයිජිංහිදී ආරම්භ විය. එහිදී දේශනයක් පවත්වමින් ෂී චින් පිං මහතා කියා සිටියේ පක්ෂයේ 19වැනි නියෝජිත සම්මේලනයේ ජීවගුණය පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවා ගනිමින් නව ජවයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව පක්ෂ විනය වඩාත් දැඩි කළ යුතු බවයි. නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී චින්තනය ඒ සඳහා වන මඟපෙන්වීමකි. පක්ෂ විනය දැඩි කිරීමේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්පූර්ණ නායකත්වය මෙන් ම මධ්‍යම කාරක සභාවේ අධිකාරිය වඩාත් ශක්තිමත් කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි. දේශීය හා ජාත්‍යන්තර තත්වයන් කොපමණ වෙනස් වුව ද චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය දැඩි කිරීම සහ අල්ලස් දූෂණ මර්දනය කිරීම අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කෙරේ. පක්ෂයේ විවිධ මට්ටමේ විනය පරීක්ෂණ ආයතන සිය කාර්යයන් සිදු කිරීමේදී වඩාත් ඉහළින් විනයගරුක විය යුතු බව ෂී චින් පිං මහතා පෙන්වා දෙයි. මහජනතාව සමග සෑම විටම සමීප වීමේ අවශ්‍යතාව ද හෙතෙම අවධාරණය කළේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ 19වන විනය පරීක්ෂණ කමිටුවේ දෙවැනි පූර්ණ සැසිය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර සාමාජිකයන් වන Li Zhan Shu ,Wang Yang ,Wang Hu ning සහ Han Zheng යන මහත්වරු සහභාගි වූහ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ  විනය පරීක්ෂණ කමිටුවේ ලේකම් Zhao Le ji මහතා එහිදී කමිටුව වෙනුවෙන් කාර්ය සාධන වාර්තාවක් ඉදිරිපත් කළේ ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති