දකුණු-උතුරු කොරියා ඉහල පෙළේ සාකච්ඡාව සක්‍රීය ප්‍රතිඵලයක් ලබා ගැනීම කෙරෙහි චීනයේ ප්‍රසාදය - sinhalese.cri.cn

දකුණු-උතුරු කොරියා ඉහල පෙළේ සාකච්ඡාව සක්‍රීය ප්‍රතිඵලයක් ලබා ගැනීම කෙරෙහි චීනයේ ප්‍රසාදය

2018-01-10 18:43:15
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දකුණු-උතුරු කොරියා ඉහල පෙළේ සාකච්ඡාව සක්‍රීය ප්‍රතිඵලයක් ලබා ගැනීම කෙරෙහි  චීනය ප්‍රසාදය පළ කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලූ කාං මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ අද(10) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. දකුණු-උතුරු කොරියා සම්බන්ධකම යහපත් කිරීමට එම දෙපාර්ශ්වය සක්‍රීය පියවර ගැනීමට චීනය අනුබල දෙයි. එමෙන්ම ජගත් ප්‍රජාව දෙපාර්ශ්වයන්ගේ උත්සාහයන්ට පූර්ණ අවබෝධය සහ අනුබලය දක්වනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු කීය.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඊයේ(9) උසස් පෙළේ සාකච්ඡාවක් පවත්වා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. Pyeongchang සීත කාලීන ඔලිම්පික් උළෙල පිළිබඳ සහයෝගතාව, හමුදාමය නොසන්සුන් වාතාවරණය ලිහිල් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ගිවිසුමකට එළඹ තිබෙන බව එම නිවේදනයේ සඳහන් වෙයි. කොරියානු අර්ධද්වීපය බැරෑරුම් තත්වයක පවතින වත්මන් අවස්ථාවේදී දෙපාර්ශ්වය එකිනෙකාට යහපත් සංඥාව නිකුත් කරමින් අතට අත දීම අගය කළ යුතු බව ලූ කාං මහතා ප්‍රකාශ කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති