ප්‍රංශ ජනපති හා චීන ජනපති අතර සාකච්ඡා‍ - sinhalese.cri.cn

ප්‍රංශ ජනපති හා චීන ජනපති අතර සාකච්ඡා‍

2018-01-09 14:12:58
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ප්‍රංශ ජනපති හා  චීන ජනපති අතර සාකච්ඡා‍


ප්‍රංශ ජනපති චීන ජනපති හමු වෙයි.

චීනයේ නිළ සංචාරයක නිරත ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා ඊයේ (8) බෙයිජිං නගරයේ දියෝ යූ තයි රාජ්‍ය හෝටලයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමු විය. නායක දෙපළ  මිත්‍රශීලි ආකාරයෙන් පුළුල් මට්ටමෙන් අදහස්  හුමවාරු කර ගත්හ.

අලුත් අවුරුද්ද උදා වී ආසියාවේ ප්‍රථම සංචාරය වශයෙන් චීනයට පැමිණි Macron මහතා චීන ප්‍රංශ සබඳතාව ඉහළින් අගය කරන බව පිළිබිඹු විය හැකි යැයි ෂී ජින් පිං මහතා පැවසීය. ප්‍රංශය නව චීනය හා රාජ්‍යතන්ත්‍රික සබඳතාව ස්ථාපිත කළ බටහිර ප්‍රථම බලවත් රාජ්‍යයකි. වැදගත් ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමටත් ලෝක ස්ථාවරත්වය හා සමෘද්ධිය සැබෑ කර ගැනීමටත් ප්‍රංශය සමඟ එක්ව පොදුවේ කැපවීමට චීනය කැමැත්තෙන් පසු වන බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. නව යුගයේ චීන ප්‍රංශ සබඳතාව මනා අපේක්ෂාවලින් ඉස්මතු වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ප්‍රංශ චීන මිතුදම දිගු ඉතිහාසයක් හිමි සබඳතාවක් බව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා කීය. මෙම සංචාරය හරහා දෙරට සබඳතා හා වැදගත් ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතා සමඟ අදහස් හුවමාරු කර ගන්නා අතරම දෙරට අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් ප්‍රංශ චීන සබඳතාව මෙන්ම යුරෝපා චීන සබඳතාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තුවෙන් සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය. එක් තීරයක් එක් මාවතක් යෝජනාවට සක්‍රීය ලෙස එක් වීමට ප්‍රංශය කැමැත්තෙන් පසු වන බව ද හෙතෙම සඳහන් කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති