චීනය ජාත්‍යන්තර කටයුතුවලදී සෙසු රටවල් නියෝජනය කරමින් මෙහෙයවීමේ කැමැත්තක් නොමැති බව චීනය පවසයි

2018-01-03 18:31:57
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Geng Shuang මහතා අද (3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ ය.

2018 වසරේ ඇමෙරිකාව නියෝජනය කරමින් චීනය ලෝකය මෙහෙයවනු ඇති බව ද ඒ 2018 වසරේ ගෝලීය විශාලතම අර්බූදය බව ද ඇමෙරිකා Eurasia Group කණ්ඩායම පසුගියදා පැවසීය.

ඒ පිළිබඳව Geng Shuang මහතා පැවසුවේ, චීනය පොදු සාකච්ඡා, පොදු සංවර්ධනය සහ ප්‍රතිලාභ පොදුවේ බෙදා දීම යන ගෝලීය පාලන සංකල්පයෙන් යුතුව ජාත්‍යන්තර කටයුතුවල නිරතවනවා හැර සෙසු රටවල් නියෝජනය කරමින් මෙහෙයවීමේ කැමැත්තක් නොමැති බවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති