දෙරටේ සබඳතා අගය කරමින් චීන - රුසියා නායකයෝ නව වසර‍ට සුබ පැතුම් පිරිනමති

2017-12-31 16:30:48
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

2018 නව වසරේදීද රුසියා‍ව සමඟ පොදු විශ්වාසය හා සහයෝගතා ප්‍රවර්ධනයට චීනය සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. රුසියානු ජනාධිපති පු‍ටින් මහතා වෙත නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයක් යොමු කරන හෙතෙම පුටින් ජනාධිපතිවරයා සමඟ එක්ව දේශපාලන හා උපාය මාර්ගික පොදු විශ්වාසය ශක්තිමත් කිරීමට මෙන්ම සියළු ආකාරයේ ද්විපාර්ශ්වික ප්‍රායෝගික සහයෝගතා පුළුල් කිරීමට සූදානම් බව සඳහන් කරයි. චීන රජය හා ජනතාව වෙනුවෙන් චීන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා හා රුසියා ජනතාවට සිය හෘදයාංගම සුබ පැතුම් පළ කර සිටී. රුසියාව සමඟ ජාත්‍යන්තර උපායමාර්ගික සබඳතා ප්‍රවර්ධනයට චීනය බලාපොරොත්තු වන බවද ෂී ජින් පිං මහතා සඳහන් කරයි.

ප්‍රති සුබ පැතුමක් එවන රුසියා ජනාධිපතිවරයා 2017 වසර චීන රුසියා සබඳතාවන්හී නව ප්‍රගතියක් අත්කර ගත් වස‍රක් ලෙසට සඳහන් කරයි. චීනය සමඟ පූර්ණ උපක්‍රමීය සහයෝගතා වර්ධනයට තම රට ක්‍රියා කරන බවද හෙතෙම කියා සිටී.

දෙරටේ අග්‍රාමාත්‍යවරු ද නව වසර වෙනුවෙන්‍ අන්‍යෝන්‍ය වශයෙන් සුබ පැතුම් පිරි නැමූහ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති