චීන ජනාධිපතිවරයා රුසියාවේ අධ්‍යාපනය හදාරන චීන ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරි ගන්වයි.

2017-12-31 16:19:31
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව වසරක් උදාවෙමින් ඇති මොහොතක චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම යුධ සභාවේ සභාපති ෂී ජින් පිං මහතා මොස්කව් විශ්වවිද්‍යාලයේ චීන ශිෂ්‍යාවන් එවන ලද ලිපියට ප්‍රතිචාර දක්වමින් මෙම දිරිගැන්වීම කළේය. හෙතෙම විදේශයන්හි රැඳී සිටින චීන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ද අලුත් අවුරුදු සුභ පැතුම් පිරිනැමීය. මනා අභිලාෂයක් සමඟ අධ්‍යාපනය ලබමින් කඩිනමින් ප්‍රවීණයන් බවට පත්වැන්නැයි ප්‍රාර්ථනා කරන බව හෙතෙම සඳහන් කළේය.

1957 වසරේ චීන හිටපු ජනාධිපති මාඕ සේ තුං මහතා මොස්කව් විශ්වවිද්‍යාලයේ චීන සිසුන් හමු වී බලාපොරොත්තුව ඔබය බව මැයෙන් ප්‍රකට කථාව කළේය. පසුගිය දා මොස්කව් විශ්වවිද්‍යාලයේ චීන සිසුන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලිපියක් එවමින් මාඕ ‍සේතුං මහතා ගේ කථාව පදනම්ව චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නි‍යෝජිත සම්මේලනයේ චින්තනය පිළිබඳව කළ අධ්‍යයනයෙන් ලබාගත් අත්දැකීම් පැහැදිලි කර තිබේ. ඔවුන් ලබන නිපුණත්වයෙන් රජයටත් ජනතාවට දායකවීමේ අධිෂ්ඨානය එහි සඳහන් කෙරිණ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති