චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වියට්නාමයට ළඟා වෙයි

2017-11-10 16:21:44
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වියට්නාමයේ Da Nang නගරයට ළඟා වෙයි.

ෂී ජින්පිං මහතා වියට්නාමයේ පැවැත්වීමට නියමිත එපෙක් සංවිධානයේ 25 වැනි නායකයන්ගේ නිල නොවන සමුළුවට එක් වීමෙන් අනතුරුව වියට්නාමයේ නිල සංචාරයක නිරත වනු ඇත.

චීනය වියට්නාමය සමග පවත්වන සම්බන්ධතාව උපරිම අන්දමින් වැදගත් කොට සලකන බව Da Nang නගරයේ ගුවන් තොටුපළේ සිට කතාවක් කරමින් ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ‍ලේකම් Nguyễn Phú Trọng සහ එරට ජනාධිපති Trần Đại Quang යන මහත්වරුන් සමග පක්ෂ දෙක සහ රටවල් දෙක අතර සම්බන්ධාව පිළිබඳව ද දෙපාර්ශ්වයේ පොදු සැලකිල්ලට ලක් ප්‍රශ්න පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනීමට තමා අපේක්ෂාවෙන් සිටින බව හෙතෙම කියා සිටියේය. 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති