දෙරට සබදතා වඩාත් ඉදිරියට ගෙන යාමට චීන හා ඇමෙරිකානු ජනපතිවරුන් අතර එකඟතාවක්

2017-11-09 19:50:48
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දෙරට සබදතා වඩාත් ඉදිරියට ගෙන යාමට චීන හා ඇමෙරිකානු ජනපතිවරුන් අතර  එකඟතාවක්

දෙරට සබදතා වඩාත් ඉදිරියට ගෙන යාමට චීන හා ඇමෙරිකානු ජනපතිවරුන් අතර  එකඟතාවක්


චීන-ඇමෙරිකානු සම්බන්ධතාව වඩාත් ඉදිරියට ගෙන යාමට චීන හා ඇමෙරිකානු ජනාධිපතිවරු එකඟතාව පළ කරති.

චීන ජනාධිපති ෂී චින් පිං මහතා සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බෙයිජිංහිදී හමු විය. චීන-ඇමෙරිකානු සම්බන්ධතාව නව ඓතිහාසික සන්ධිස්ථානයකට පිවිස ඇතැයි ෂී චින් පිං මහතා එහිදී කියා සිටියේ ය. එබැවින් එම සම්බන්ධතාව වඩාත් ඉදිරියට ගෙන යා යුතු බව හෙතෙම පැවසීය. ද්වීපාර්ශවික සම්බන්ධතාව ශ්‍රේෂ්ඨ සම්බන්ධතාවක් බවත් එම සම්බන්ධතාව අඛණ්ඩව වර්ධනය කිරීම දෙරටේ මූලික යහපතට සහ ලෝකයට ඉතා වැදගත් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහිදී පැවසීය.

මේ වන විට චීනය හා ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක සංවාදය, පූර්ණ ආර්ථික සංවාදය, සාමාජීය හා මානව හුවමාරු සංවාදය, නීති බලාත්මක කිරීම සහ අන්තර්ජාල ආරක්ෂක සංවාදය යන සංවාද යාන්ත්‍රණ හතරක් ස්ථාපිත කර ඇත. එම සංවාද යාන්ත්‍රණ හතර ක්‍රියාත්මක කළ තත්වයන් පිළිබඳ ව චීන හා ඇමෙරිකානු ජනාධිපතිවරු එම හමුවේදී විමසා බැලූහ. එම සංවාද යාන්ත්‍රණ හතර මගින් ද්වීපාර්ශවික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට නායක දෙපළ එකඟ වූහ. කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික ප්‍රශ්නය ඇතුළු විවිධ කලාපීය හා ජාත්‍යන්තර ප්‍රශ්නවලදී සහ‍යෝගයෙන් කටයුතු කිරීමට ද දෙපාර්ශවය කැමැත්ත පළ කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙවර චීන සංචාරයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 250ක පමණ වටිනාකමින් යුත් ද්වීපාර්ශවික සහයෝගතා ගිවිසුම් අත්සන් තැබීමට අපේක්ෂා කෙරේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති