රුසියානු ජනපතිගෙන් චීන ජනපතිට සුභපැතුම්

2017-10-27 15:20:55
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

 චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටීන් මහතා ඊයේ (26) දුරකථනයෙන් සාකච්ඡාවක් පැවැත්වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය සාර්ථකව අවසන් කිරීම හා ෂී ජින් පිං මහතා නැවතත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ධුරයට පත් වීම සම්බන්ධයෙන් එහිදී රුසියානු ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පිරිනැමීය.

රුසියා-චීන සබඳතාව වත්මන් ලෝකයේ දැවැන්ත රටවල් අතර පවතින සුසංගත පැවැත්මේ ආදර්ශයක් බව එහිදී රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ෂී ජින් පිං මහතා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ද්විපාර්ශ්වික සහයෝගතා ශක්තිමත් කිරීම සහ දෙපාර්ශවය පොදුවේ සැලකිල්ල දක්වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට තමා කැමැත්තෙන් සිටින බව හෙතෙම සඳහන් කළේය.

වැලදිමීර් පුටීන් මහතාගේ සුභ පැතුම් කෙරෙහි ෂී ජින් පිං මහතා සිය ස්තුතිය පළ කර ඇත.

රුසියාව චීනයේ අංග සම්පූර්ණ ක්‍රමෝපායී සහයෝගතා හවුල්කාරයෙකු බව හෙතෙම පෙන්වා දුන්නේය.

රුසියාව සමඟ එක්ව දෙරටේ ජනතාව සහ සෙසු රටවල ජනතාව වෙත සුභ සෙත අත් කර දීම සහ පෙරට වඩා වැඩි ප්‍රායෝගික සාර්ථකභාවයක් ලබා ගැනීම සඳහා චීනය වෑයම් දරමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති